වැලිකන්ද රිය අනතුරින් මිය ගිය අයට ජනපතිගෙන් අවසන් ගෞරව | දිනමිණ


 

වැලිකන්ද රිය අනතුරින් මිය ගිය අයට ජනපතිගෙන් අවසන් ගෞරව

පොළොන්නරුව, මඩකලපුව මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේ දී පසුගියදා සිදු වූ රිය අනතුරින් ජීවිතක්ෂයට පත් අයගේ දේහ තැන්පත් කර ඇති වැලිකන්ද, බෝඅත්ත ප්‍රදේශයේ නිවෙසට පසුගියදා (21) පස්වරුවේ ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම දේහවලට අවසන් ගෞරව දැක්වීය.

රිය අනතුරින් මිය ගිය සියලුදෙනා වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් වෙත ජනාධිපතිතුමා සිය සංවේගය පළ කළේ ය. එමෙන්ම තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර කටයුතු සහ ඔවුන්ගේ පවුල්වල තොරතුරු පිළිබඳ ද සොයා බැලූ ජනාධිපතිතුමා අනතුරට පත් සියලු දෙනාගේ පවුල්වල සුබසාධනය සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දීමට ද නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

ඡායාරූපය : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය 

නව අදහස දක්වන්න