ආබාධිත දරුවන්ට පෝෂණ මල්ලක් | දිනමිණ

ආබාධිත දරුවන්ට පෝෂණ මල්ලක්

වත්තල, හැඳල, බලගල ග්‍රාම නිලධාරි වසමේ ආබාධිත දරුවන් සඳහා පෝෂණ මල්ලක් බෙදාදීමේ උත්සවයක් සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරුණි.

බලගලවත්ත නිශාන්ත සුදත් පදනම මඟින් සංවිධානය කළ මේ උත්සවයේදී ඇමැතිවරයා පෝෂණ මලු ආබාධිත දරුවන් වෙත පිරිනැමූ අයුරුයි මේ.

බස්නාහිර පළාත් හිටපු ඇමැති ලෝරන්ස් මාදිවල, හිටපු මන්ත්‍රී තුෂාර පෙරේරා, වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී චාර්ල්ස් රන්මුතු, නිශාන්ත සුදත් යන මහත්වරුන්ද මෙහි වෙති.

සේයාරුව - වත්තල විශේෂ - ජෝශප් පයස්

නව අදහස දක්වන්න