සමෘද්ධිය නැති සැමට සමෘද්ධිය | දිනමිණ


 

සමෘද්ධිය නැති සැමට සමෘද්ධිය

සමෘද්ධි හිමිකම් නැති සියලු දෙනාට පක්ෂ බේදයකින් තොරව මේ සහනය ලබාදෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීය.මහජනතාව වෙනුවෙන් අපි මෙවන් සේවාවක් සංවිධානය කර තිබූයේ ඉකුත් මහා මැතිවරණයෙන් පසු එදා සිට මෙය ඉටු කිරීමටයි. නමුත් අපි ආණ්ඩුව පිහිටවුවාට සමෘද්ධි අමාත්‍යාංශය අපිට හිමිවුයේ තැහැ. එම නිසා මේ සේවා සියල්ල ඉටුකිරීමට අවුරුදු කිහිපයක් ප්‍රමාද වුණා. එහෙත් ඉන් අපි පසුබැස්සේ නැහැ.

දොම්පේ මැතිවරණ කොට්ඨාසයේ තෝරාගත් පවුල් 2000කට ආසන්න සංඛ්‍යාවකට සමෘද්ධි ආධාර ලබා දීමේ ප්‍රථම පියවර ආරම්භ කරමින් හර්ෂණ රාජකරුණා මහතා කිරිදිවැල නඟරයේ දී පැවති උත්සවයක දී එසේ කීය.

සමෘද්ධි ලැබුනේ නැහැ කියා සමහරු උද්ඝෝෂණ කරන්නට සුදානමින් බලා සිටින බවත් ඒ අය එහෙම කළත් නැතත් ඒ අය අතර සිටින එහි සුදුසුකම්හිමි සියලු දෙනාට මසක් පමණ කාලයත් තුළදි මේ සහනාධාරය ලබාදීමට කටයුතු කරනවා යයිද කීය.

උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාල හිමිකම් ලැබු ශිෂ්‍ය ශීෂ්‍යාවන්ට ඒ සඳහා දැනටමත් සහනාධාර ලබා දෙන බවත් ඉදිරියේ දී උසස්පෙළට හිමිකම් ලැබු සියලු දෙනාට මසකට රු 1500/- ක් බැගින් දීමට කටයුතු කරන බවත් රාජකරුණා මහතා කීය.

මේ උත්සවයට පැමිණි සියලු දෙනා පංචශීලයෙහි පිහිටුවිම මාහල්ඔලුව ටැම්පිට විහාරාධිපති නෙලුවේ නන්දසාර හිමියන් විසින් සිදු කරන ලදී.

දොම්පේ ප්‍රාදේශීය ලේකම් එම්.ඩී.ජේ. ප්‍රසාද් මහතාද, දොම්පේ ප්‍රාදේශිය සභාවේ විරුද්ධ පක්ෂයේ නායක උභය කුමාර ජයවර්ධන මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

ජි.එස්.තැලිගම - කිරිදිවැල සමුහ

නව අදහස දක්වන්න