මඩකලපුවේ කැලෑ ප්‍රදේශයක ගින්නක්-අක්කර 03ක් විනාශයි | දිනමිණ


 

මඩකලපුවේ කැලෑ ප්‍රදේශයක ගින්නක්-අක්කර 03ක් විනාශයි

මඩකලපුව පොලිස් වසමේ තිරායිමඩු, සව් කඩේ කැලෑ ප්‍රදේශයක හදිසි ගින්නක් හට ගෙන තිබේ.
 
ඊයේ(23) සවස 1.00 පමණ මෙම ගින්න හට ගෙන ඇත.
 
මෙම ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, එම ප්‍රදේශයේ අක්කර 03ක පමණ භූමි කොටසක් විනාශයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
පොලීසිය, ප්‍රදේශවාසීන්, මඩකලපුව නගර සභාවේ නිලධාරීන්, ආපදා කළමණාකරණ ඒකකය සහ ත්‍රිවිධ හමුදාව එක්ව දැඩි පරිශ්‍රමයක් දරා මෙම ගින්න මැඩ පවත්වා තිබේ.
 
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මඩකලපුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

නව අදහස දක්වන්න