කුච්චවේලි රිය අනතුර - 02ක් මරුට | දිනමිණ


 

කුච්චවේලි රිය අනතුර - 02ක් මරුට

කුච්චවේලි, පොඩවාකට්ටු පාලම අසලදී රියැදුරුට යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා කුච්චවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවයි.

මේ අතර වවුනතිව් සහ වැල්ලව ප්‍රදේශවලදීද සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

නව අදහස දක්වන්න