OPPO වෙතින් පෙර­ළි­කාරී RENO | දිනමිණ


 

OPPO වෙතින් පෙර­ළි­කාරී RENO

 තරගකාරී ස්මාර්ට්ෆෝන් වෙළඳපොළ තුළ පෙරළිකාරී පියවරක් හඳුන්වා දෙමින්

තම නවතම ස්මාර්ට්ෆෝන් දුරකථනය වන OPPO RENO හඳුන්වා දීමට OPPO සමාගම කටයුතු

කරඇත.

OPPO RENO 10x ZOOM සම්බන්ධයෙන් දැනටමත් විශාල කතාබහක් ඇතිවී තිබේ. වැඩි දෙනෙකුගේ

සිත් දිනාගන්නා පෙනුමක් සහ අංග රැසක් සමගින් වෙළඳපොළට පැමිණෙන මෙය කාටත් සුවිශේෂී

අත්දැකීමක් වනු ඇත.

විශේෂ නිර්මාණ සැලසුම් භාවිතා කිරීම කවදත් OPPO දුරකථන වල විශේෂ ලක්ෂණයකි. කෙසේ

වෙතත් RENO සමග OPPO සිය වඩාත්ම ජනප්‍රිය අංගය වන කැමරා තාක්ෂණයේ සුවිශේෂීත්වයෙන්

ඔබ්බට ගමන් කරයි. Shark-fin pop-up කැමරාවක්Snapdragon ප්‍රොසෙසරයක් සහ10x hybrid zoom සහිත ත්‍රිත්ව කැමරා පද්ධතියක් මෙම දුරකථනයේ අඩංගු වේ.

OPPO RENO 10x Zoom Edition හි ඇත්තේ 6.65 full-HD+ AMOLED දර්ශන තීරයකි.Qualcomm Snapdragon 855 ප්‍රොසෙසරයකින් එය බලය ලබයි. ඉතාමත් විශිෂ්ට මට්ටමේ ඡායාරූප ලබාදීම සඳහා එහි f/1.7 කැමරා විවරයක් සහිත 48MP Sony IMX586 sensor clubbed කැමරාවක් යොදා ඇත. OPPO දුරකථන අතර ඉහළම මාදිලිය ලෙස සැලකෙන මෙම දුරකථනයේ 13MP ද්විතීයික සෙන්සරයක් අඩංගු

වන අතර පුළුල් දර්ශන පසුබිමක් සහිත ඡායාරූප ගැනීමට සහ ‘zooming සඳහා උපකාරී වන පරිදි 8MP super wide angle සෙන්සරයක්ද යොදා තිබේ.

නව අදහස දක්වන්න