ඉන්දුනීසියා මුහුදු ප්‍රදේශයේ භූ චලනයක් - ලංකාවට බලපෑමක් නැහැ | දිනමිණ


 

ඉන්දුනීසියා මුහුදු ප්‍රදේශයේ භූ චලනයක් - ලංකාවට බලපෑමක් නැහැ

ඉන්දුනීසියාවේ ‘බන්ඩා‘ මුහුදු ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 7.3 ක භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. 
 
ඉන්දුනීසියා වේලාවෙන් අද (24) පෙරවරුවේ 08.23ට මෙය සිදු ව ඇති අතර ශ්‍රී ලංකාවට ඉන් බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 
 
එම දෙපාර්තමේන්තුව කියා සිටියේ, මෙම භූ චලනය ශ්‍රී ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ සිට කිලෝමීටර 5500 ක පමණ දුරින් සිදුව ඇති බවයි. ඒ අනුව ලංකාවට සුනාමි තත්ත්වයක් හෝ වෙනත් බලපෑම් එල්ල වී නොමැති බව සදහන් කෙරුණි. 
 
මේ අතර ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා කාර්යංශය සදහන් කර ඇත්තේ සුනාමි අවධානමක් නොමැති බවය. 
 

නව අදහස දක්වන්න