ප්‍රේක්ෂකයන් කඳුළු මතකයක රඳවා දකුණු අප්‍රිකානුවෝ පළමු වටයෙන්ම ඉවතට | දිනමිණ

ප්‍රේක්ෂකයන් කඳුළු මතකයක රඳවා දකුණු අප්‍රිකානුවෝ පළමු වටයෙන්ම ඉවතට

ෆවුස් මොහොමඩ් එංගලන්තයේ සිට...ෆවුස් මොහොමඩ් එංගලන්තයේ සිට...

පළමුවරට වසර 1992 දී ලෝක කුසලාන තරගමාලාවට එක්වීමෙන් පසුව මේ දක්වා පැවැති සියළුම තරගමාලාවලදී අවාසනාවේ අඳුරු ආගාධයට ඇද වැටුණු දකුණු අප්‍රිකානු පිල පෙරේදා පාකිස්තානය හමුවේ ලකුණු 49ක පරාජයක් විඳ ගනිමින් තරගමාලාවෙන් ඉවතට විසිවිය. මේ පරාජයත් සමග මෙතෙක් ඔවුන් සහභාගි වූ තරග 7කින් පහක්ම පරාජයට පත්වීම නිසා ආපසු හිස් අතින් මව්බිමට යාමට සිදුවී ඇත්තේ ඒ අවාසනාව කරපින්නා ගෙනය.

නායක ෆෆ් ඩු ප්ලෙසිගේ ක්‍රිකට් ජිවිතයේ ප්‍රබලතම පසුබෑම ලෙස විචාරකයන් හඳුන්වන මෙම සිදුවීම සෑහෙන කාලයක් යනතුරු දකුණු අප්‍රිකානු කණ්ඩායමට මෙන්ම එරට ක්‍රීඩාලෝලීන්ටත් අමතක නොවන වේදනාකාරී මතකයක් වනු ඇත. මෙවර තරගමාලාවේ දී මෙතෙක් ඔවුන් පරාජයට පත් කළ එකම කණ්ඩායම ඇෆ්ගනිස්තානය විය. ඔවුන්ට තවත් ඉතිරිව ඇත්තේ මේ මස 28 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි තරගය සහ ජූලි මස 6 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන මූලික වටයේ අවසන් තරගය පමණි.

වසර 2003 තරගමාලාවෙන් පසුව දකුණු අප්‍රිකානුවන් මූලික වටයෙන් ඉවතට විසිවූයේ පළමුවරටය. පසුගිය තරගමාලාවේදී අවසන් පූර්ව වටයට යාමට සමත්වූ දකුණු අප්‍රිකානුවන්ට මෙවර සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ නායක ඩු ප්ලෙසි පසුවන්නේ දැඩි කනගාටුවෙන් යුතුවය. ඔහු මේ තරගයේදී දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමින් ලකුණු 63ක් රැස් කළේය.

‘ඔව්.පැහැදිලිවම. මම ඇත්තටම ක්‍රීඩකයකු හැටියටත්, නායකයා හැටියටත් පුදුමාකාර ආඩම්බරයෙන් සිටියේ. දකුණු අප්‍රිකාවට ක්‍රීඩා කිරීම මට විශාල දෙයක් වුණා. මේ පරාජය සහ තරගමාලාවෙන් ඉවතට යාමට සිදුවීම ඇත්තටම, ඇත්තටම, ඇත්තටම දරාගන්න බෑ.’ තරගයේ පරාජයෙන් පසුව ඩු ප්ලෙසි එසේ කීවේය.

‘ඔබ දන්නවද මට හිතෙන්නේ අපි නැවත නැවත එකම වරද සිදුකළා කියලයි. අපේ පන්දු යවන්නන් තරගමාලාව පුරාම සාර්ථකව පන්දු යැව්වා. ඒත් අද එය එහෙම පිටින්ම වෙනස් වුණා. ඉම්රාන් තාහීර්ගේ පන්දු යැවීම තවමත් ඉහළ මට්ටමක තිබීම අගය කළ යුතුයි. ඒත් අනිත් අය ලකුණු දුන්නා හොඳටම වැඩියි.’ ඩු ප්ලෙසි පැවැසීය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 50 අවසානයේදි කඩුලු 7කට ලකුණු 308ක් රැස් කිරීමට සමත්වූ අතර දකුණු අප්‍රිකානුවන්ට ලබාගත හැකිවූයේ කඩුලු 9කට ලකුණු 259ක් පමණි.

‘අපේ ආරම්භය අසාර්ථක වුණත් පසුව හොඳ සම්බන්ධතාවක් ඇතිවුණා. ඒත් ඉන් පසුව එකදිගට කඩුලු පිට කඩුලු වැටෙන්නට ගත්තා.’ ඔහු කීවේය.

ඉම්රාන් තාහිර්ට සහ ජේ.පී.ඩුමිනිට සිදුවී ඇත්තේ මෙවර තරගමාලාවේ අවාසනාවත් සමග ක්‍රීඩාවෙන් සමුගැනීමටය. ඔවුන් සිය විශ්‍රාම ගැනීම තරගමාලාවට පෙරදීම ප්‍රකාශ කර තිබිණ.

අකාරුණික වර්ෂා නීතිය නිසා 1992 තරගමාලාවේ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවූ දකුණු අප්‍රිකාව ප්‍රතිවාදීන්ගේ දඟ පන්දු හමුවේ අසරණවී 1996 තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් විය. 1999 තරගමාලාවේ අවසන් පූර්ව තරගයේදී ඇලන් ඩොනල්ඩ්ගේ අමතක නොවන දුවද්දී දැවීයාම නිසා තරගමාලාවෙන් ඉවතට විසිවූ දකුණු අප්‍රිකාවට 2003 තරගමාලාවේ මූලික වටයෙන් පසුව ගෙදර යාමට සිදුවිය. නැවත 2007 තරගමාලාවේ අවසන් පූර්ව වටයෙන් ඉවත්වූ අතර 2011 තරගමාලාවේදි අර්ධ අවසන් පූර්ව වටයෙන් පරාජයට පත්විය. 2015 තරගමාලාවේ අවසන් පූර්ව වටය දක්වා පැමිණි දකුණු අප්‍රිකාවට මෙතෙක් කිසිදු තරගමාලාවකදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ වාසනාවක් නොලැබිණි.

නව අදහස දක්වන්න