පදක්කම් දිනූ අකලංක යුද හමුදාවට | දිනමිණ

පදක්කම් දිනූ අකලංක යුද හමුදාවට

සිංගප්පූරුවේ පැවැති සිංගප්පූරු ජාතික විවෘත පිහිනුම් ශූරතාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක අකංලක පීරිස් සමත් විය.

රටවල් 24ක සහභාගිත්වයෙන් පැවැති තරගාවලියේ මීටර් 50 පසුපස ආර තත්.26.68කින් නිමා කරමින් රිදී පදක්කමද දිනාගත් අකලංක, මීටර් 100 පසුපසර ආර තත්.57.93කින් නිමා කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

දැනට ජාතික පිහිනුම් වාර්තා 3කට හිමිකම් කියන අකලංක ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනයද සමබරව කරගෙන යයි. අපොස සා.පෙළ විභාගය ඒ 9ක් සහිතව සමත්වූ ඔහු, අපොස උසස් පෙළ විභාගයේ සමත්වූයේ සම්මාන 3ක් සහ ගෞරව සම්මානයක් සහිතවය. පසුගිය වසරේ ඉන්දුනීසියාවේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලට එක්වූ ඔහු, එරටදී උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර 3කට මුහුණදුන්නේය.

විභාගයෙන් අනතුරුව අමෙරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයකින් ලැබුණු ශිෂ්‍යත්ව ප්‍රතික්ෂේප කළ අකලංක, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කැඩෙට් නිලධාරියෙක් ලෙස අධ්‍යාපන කටයුතු කිරීම තෝරා ගෙන ඇත. ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියකු ලෙස පිහිනුම් ක්‍රීඩාවෙන් රටට මෙන්ම හමුදාවටද කීර්තියක් ගෙන ඒමට ඔහු බලාපොරොත්තු වෙයි. දැනට බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ පිහිනුම් පුහුණුකරු ශෙහාන් ඩයස් මහතා යටතේ පුහුණුවීම් කරන අකලංකගේ සේවය ශ්‍රී ලංකාවට උපරිමයෙන් ලබා ගැනීමට වගකිව යුත්තේ ක්‍රියා කළහොත් පිහිනුම් ඉසව්වෙන් ආසියානු හෝ ඔලිම්පික් පදක්කමක් වැඩි ඇතක නොවනු ඇත.


නව අදහස දක්වන්න