කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසෙල්ට ලෝක කුසලානය අහිමි වෙයි | දිනමිණ

කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසෙල්ට ලෝක කුසලානය අහිමි වෙයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසෙල් දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් 2019 ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉවත් වන බව කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
 
ඒ වෙනුවට සුනිල් අමිබ්‍රිස් කැඳවා ඇතැයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
 
31 හැවිරිදි ඇන්ඩ්‍රි රසෙල් ලෝක කුසලානයේ තරග 4කට ක්‍රීඩා කරමින් කඩුළු 05ක් දවා ගැනීමට සමත් වු අතර ඔහුට රැස් කරගත හැකි වුයේ ලකුණු 36ක් පමණි.
 
මේ අනුව ලබන බ්‍රහස්පතින්දා ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගය වෙනුවෙන් සුනිල් අමිබ්‍රිස් ක්‍රීඩා කරනු ඇත. 

නව අදහස දක්වන්න