ගොඩවෙල-වලකඩ මාර්ගයේ සංවර්ධන වැඩ ඇරැඹේ | දිනමිණ

ගොඩවෙල-වලකඩ මාර්ගයේ සංවර්ධන වැඩ ඇරැඹේ

රත්නපුර, කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගොඩවෙල - වලකඩ මාර්ගයේ සංවර්ධන කටයුතු පසුගිය දා (15 ) නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මාර්ගය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 20ක මුදලක් ( කෝටි 2ක් ) ‘රන් මාවත් ‘ ජාතික සංවර්ධන වැඩසටහන මගින් වෙන් කොට ඇත.

මුංහේන්තැන්න, මහතැන්න, නුංගහ යාය ඇතුළු තවත් ගම්මාන රැසක් සඳහා ප්‍රවේශ මාර්ගය වන්නේ ද මෙම මාර්ගයයි. ගම්මිරිස්, පොල්, කුරුඳු, මෙන්ම කෘෂි බෝග වර්ග මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ගයි. 1970 පසු කිසිදු රජයක් මගින් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කොට නැත. කිලෝ මීටර 15 පමණ දිගු මෙම මාර්ගය, දශක පහක් පමණ අබලන්ව පැවතීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ .

පවුල් 2000ක් අයත් පුද්ගලයන්10000කට අධික පිරිසකට මින් සෘජු ප්‍රථිලාභ හිමිවේ.

 

නව අදහස දක්වන්න