කුල දරුවෝ විසිදෙදෙනෙක් පැවිදි බිමට | දිනමිණ

කුල දරුවෝ විසිදෙදෙනෙක් පැවිදි බිමට

කුල දරුවන් විසිදෙදෙනෙක් පැවිදි කිරීමේ පුණ්‍ය උත්සවයක් ආණමඩුවේ වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙන් විහාරස්ථානයේදී පවැත්වූ අයුරු.සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක, ශ්‍රී ලංකා පාලි බෞද්ධ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරාධිපති ආණමඩුවේ ධම්මදස්සි හිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම කුලදරුවන් පැවිදි කිරීමේ අවස්ථාවට රාජවන්නි,කුමාරවන්නි දෙපළාතේ ප්‍රධාන සංඝනායක , පරමාකන්ද රජමහා විහාරාධිපති ඔට්ටුකුලමේ පුංඤ්ඤානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නයද වයඹ ආණ්ඩුකාර පේෂල ජයරත්න, වයඹ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරු සහ තවත් සැදැහැවතුන් විශාල පිරිසක්ද සහභාගිවූහ.

සටහන සහ ඡායාරූප - පුත්තලම සමූහ ඩබ්ලිව්.සී.බී.ප්‍රනාන්දු

 

නව අදහස දක්වන්න