ක්‍රිකට් තරගය නරඹමින් සිටි තරුණයා හදිසියේ ම මියගිහින් | දිනමිණ

ක්‍රිකට් තරගය නරඹමින් සිටි තරුණයා හදිසියේ ම මියගිහින්

දමන සමූහ කේ. ඒ. මෛත්‍රීපාල

පසුගියදා පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ලෝක කුසලාන ක්‍රිකට් තරගය රූපවාහිනියෙන් නරඹමින් සිටි තරුණයකු හදිසියේ ම රෝගාතුරව මරණයට පත්ව තිබේ. ක්‍රිකට්වලට ඇලුම් කළ ජීවිතය ම ක්‍රිකට් කරගත් අවුරුදු 26ක මේ තරුණයා ආර්. එම්. ගයාන් මධුසංඛය. අම්පාර දිස්ත්‍රීකයේ දමන මඞවලලන්ද ග්‍රාමයේ අංක 26 ජනපදයේ ගොවිතැන් කරමින් ජීවත්වන ආර්. එම්. ගුණවර්ධන හා ඒ. ඕ. ඇම්. සමන්තා ස්වර්ණලතා ඔහුගේ මවුපියෝය. ගයාන් 5 දෙනකුගේ යුත් පවුලේ දෙවැන්නා ය.

‘පුතා ක්‍රිකට් ක්‍රිඞාවට හරිම දක්ෂයි. ඒවගේ ම ක්‍රිකට් නැරඹීමටත් හරිම ආසයි. කෑම බීම පවා නොගෙන ක්‍රිකට් නැරඹීම කරන මගේ පුතා 21දා උදේ කාලයේ මඞවලලන්ද ක්‍රීඞා පිටියේ ක්‍රිකට් ගහලා දිනලා ඒ සතුට මැද හවස එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය ටී.වී. එකෙන් බලාගෙන හිටියා. අපි නිදා ගත්තා. පුතා තනියම ටී. වී. එක බැලුවා. රාත්‍රියේ එක් වරම කෙඳිරිගාන හඞක් ඇසුණා. ඒ විගස මා ඇවිත් බැලුවා එතකොටත් පුතාගේ බෙල්ල ඇද වී තිබුණා. අපි කෑගසන සද්දයට අහළ පහළ යාලුවෝ ඇවිත් පුතා රෝහලට ගෙන ගියා. නමුත් මගෙ රත්තරන් පුතාගේ ජීවිතය නැති වුණා‘ යැයි ගයාන්ගේ මව පැවසුවා ය.

 


නව අදහස දක්වන්න