කැස්බෑව ශරීර සුවතා මංතීරු‍ව ලෙඩ වෙලා | දිනමිණ

කැස්බෑව ශරීර සුවතා මංතීරු‍ව ලෙඩ වෙලා

බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් දස ලක්ෂ 30ක් වැය කර කැස්බෑව වැව වටා ඉදිකර 2018 වසරේදී ජනතා අයිතියට පත් කළ ශරීර සුවතා මංතීරුව නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් එය විනාශ වී යාමේ අවදානමක් ඇතැයි ව්‍යායාම සඳහා එහි පැමිණෙන ජනතාව පවසති.

ඇවිදින මංතීරු දෙපස කැලෑව වැවී ඇති අතර මේ වන විට මංතීරුව මඩකඩිති වලින් හා දෙපස කැළි කසළ වලින් අපවිත්‍ර වී තිබේ.

ඡායාරූපය - කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර


නව අදහස දක්වන්න