නෙළුම්ගම කුඹුරු යායම වන අලි සුන් කරති | දිනමිණ

නෙළුම්ගම කුඹුරු යායම වන අලි සුන් කරති

මාරවිල සමූහ මිහිර විජේසේකර

මේ දිනවල වන ගම් වැදී සිටින වනඅලි රංචුවක් හේතුවෙන් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නෙළුම්ගම ගම්මානයේ කුඹුරු යායට කඩාවැදී අක්කර විස්සකට අධික ප්‍රමාණයක් විනාශ කර ඇති බව ගොවීහු පවසති.

කුඹුරු යායේ මසකට ආසන්න ගොයම් පැළ කා දමා වනඅලින් කුඹුරේ ගමන් කිරීම නිසා ගොයම් පැළ පෑගීමෙන් විනාශ වී ඇත.

කරුවලගස්වැව වනජීවි කාර්යාලයෙන් ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට අලි වෙඩි ලබා දුන්නද අලි වෙඩි භාවිතා කර අලින් පලවා හැරීම මහත් ගැටලුවක් බවත් ගොවීහු පෙන්වා දෙති.

පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින වන අලි ගැටලුව විසඳුම් ලබාදීමට ‍ප්‍රමාණවත් නිලධාරීන් වනජීවි කාර්යාලවල නොමැති වීම හේතුවෙන් මේ ගැටලුවට කඩිනම් විසඳුමක් ලබාදීමට නොහැකි බවත් එවැනි තත්ත්වයක් පැවතුණ ද හැකි පමණින් මේ ගැටලුවට විසඳුම් ලබා දීමට කටයුතු කරන බව වනජීවි කාර්යාල නිලධාරීහු පවසති.

ඡායාරූපය - මාරවිල සමූහ 


නව අදහස දක්වන්න