හිනිදුම සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනසතු කිරීමට අගමැති එක්වෙයි | දිනමිණ

හිනිදුම සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනසතු කිරීමට අගමැති එක්වෙයි

අසේල ලියනගේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා 21දා හිනිදුම ආසනයේ සංවර්ධන ව්‍යාපෘති කීපයක් ජනසතු කිරීමට සහභාගි විය. මල්ලිකා නවෝද්‍යා විදුහල් ක්‍රීඩා පිටියේ පැවති සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ තවලම විද්‍යාරාජ ජාතික පාසලේ ඉදිකළ තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සහ හිනිදුම මල්ලිකා නවෝද්‍යා විදුහලේ තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමද අගමැති අතින් සිදුවිය.

රුපියල් මිලියන 595ක වියදමින් තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකළ නව ගොඩනැගිල්ල ජනසතු කිරීමද අගමැතියා අතින් සිදුවිය.එමගින් ග්‍රාමසේවා වසම් 35ක ජනතාවගේ සේවාවන් කාර්යක්ෂම වේ. හිනිදුම ප්‍රදේශයට වසරක් පාසා ඇතිවන ගංවතුර අවදානමෙන් මිදීම සඳහා එහි අවට සිටින ජනතාවගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ශාසනාදයාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිකළ සුරක්ෂා ම්‍යස්ථානය විවෘත කිරීමද සිදු වූයේ අගමැතිවරයා අතිනි.

ඡායාරූප- හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න