ප්‍රදේශ කීපයකට හෙට පැය 24ක් ජල සැපයුම නවතී | දිනමිණ

ප්‍රදේශ කීපයකට හෙට පැය 24ක් ජල සැපයුම නවතී

 හෙට (26) පෙරවරු 9.00 සිට පැය 24 ක කාල සීමාවක් මහරගම සහ කොට්ටාව ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවනු ඇත.
 
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරන ලද්දේ මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට පෙරවරු 09.00 සිට අනිද්දා පෙරවරු 09.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවය.
 
කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් අදාල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ.
 

නව අදහස දක්වන්න