ගලෙන්බිඳුණුවැව ප්‍රා. සභා සභාපතිගේ නිවසට වෙඩි | දිනමිණ


 

ගලෙන්බිඳුණුවැව ප්‍රා. සභා සභාපතිගේ නිවසට වෙඩි

ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බවයි.

සභාපතිවරයාට අයත් පඩිකාරමඩුව ප්‍රදේශයේ පිහිටි නිවසේ බිත්තියකට වෙඩි ප්‍රහාර දෙකක් සහ වාහනයකට වෙඩි ප්‍රහාර එල්ල වී ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ගලෙන්බිදුණුවැව පොලීසිය මගින් ක්‍රියාත්මකයි.

නව අදහස දක්වන්න