යුද්ධ හමුදාපති හෙට විශේෂ තේරීම් කාරක සභාවට | දිනමිණ

යුද්ධ හමුදාපති හෙට විශේෂ තේරීම් කාරක සභාවට

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා  පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හෙට දින යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක කැඳවා ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු පැවසීය.

හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, හෙට පස්වරුවේ  යුද්ධ හමුදාපතිවරයා විශේෂ කාර්ය සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.

පස්වරු 02.00ට තේරීම්කාරක සභාව රැස්වීමට නියමිතයි.

මේ අතර, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද හෙට විශේෂ තේරීම් කාරක සභාවට කැඳවා ඇත.

 


නව අදහස දක්වන්න