සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට තවත් කැපවිය යුතුයි | දිනමිණ

සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට තවත් කැපවිය යුතුයි

ව්‍යාපාරික ධම්මික පෙරේ‍රා

ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධනය සඳහා ඒකාබද්ධ ප්‍රතිසාධන ක්‍රමෝපායන් පිළිබඳව සාකච්ජාවක් පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. සංචාරක මණ්ඩලයේ මහජන සම්බන්ධතා සහ වෙළෙඳ ප්‍රචාරණ කටයුතු ජූලි මාසයේදී ආරම්භ වන තෙක් බලා නොසිට පෞද්ගලික අංශය තමන්ගේම ප්‍රචාරාණ ව්‍යාපාරයන් ආරම්භකළ යුතු බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මෙහිදී යෝජනා කළහ.

මේ වන විට සංචාරකයින්ගේ පැමිණීම අප්‍රේල් මාසයේ සිට දිනකට 500 සිට 2000 දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව දැන් යථා තත්ත්වයට පත්ව ඇති බවට ලොවට විශ්වාසයක් ඇති කිරීම සඳහා, ආරක්ෂක අංශය කළ යුතුදේ බොහෝ බව ධම්මික පෙරේරා සඳහන් කළේය. සහන පැකේජය පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික ප්‍රතිසංස්කරණ හා මහජන සම්බන්ඳී කරන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ රු. බිලියන 170 මෙම අංශයේ කටයුතු සඳහා ලබා දී ඇති බව යි .

හේමාස් හෝල්ඩිංග්ස් පී එල් සී අධ්‍යක්ෂ අබ්බාස් එසුෆලි සහ පර්යේෂණ ප්‍රධානී ඒ.ජී.එස්.පී. ඩයිට්මාර් ඩෝරිං , ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරකෝඩි මෙම සාකච්ඡාව සඳහා සහභාගිවී සිටි අතර. මෙහිදී ඊජිප්තුව සහ බාලි ප්‍රහාර සහ සාමාන්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා එම රජයන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කෙරිණී. පොදුවේ ගත් කල, ජාතික ගුවන් සේවය සතු විශාල කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර ගමනාන්තය වඩාත් තරඟකාරී කිරීම සඳහා ගුවන් තොටුපල හැසිරවීමේ ගාස්තු අඩු කිරීමේ අවශ්‍යතාව අදාළ බලධාරීන් සඳහන් කළ අතර, වෘත්තීයමය වශයෙන් තත්වය කළමනාකරණය කළහොත් ශ්‍රී ලංකාව වේගයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි යන්නට විශ්වාසය පළ කෙරිණී.

එමෙන් ම සංචාරක ආර්ථික හා ආගන්තුක සත්කාර කළමනාකරණ සංගමය (AATHEM) සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනඅංශයේ සංචාරක අධ්‍යයන වැඩසටහන් වල සිසුන් සහ ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුව (ITRC) - කර්මාන්ත හා සංචාරක උදාව පර්යේෂණ සංසදය, ශ්‍රී ලංකාවේ සංචාරකයින්ගේ සංගමය (ස්ලයිටෝ) සමඟ එක්ව ශ්‍රී ලංකා සංචාරක කාර්යංශය සමඟ එක්ව කටයුතු කරන බව දන්වා සිටියහ .

බුද්ධිකා බ්‍රාහ්මණගේ

නව අදහස දක්වන්න