AAT වෙතින් නායකත්වය පිළිබද සම්මන්ත්‍රණයක් | දිනමිණ

AAT වෙතින් නායකත්වය පිළිබද සම්මන්ත්‍රණයක්

ශ්‍රී ලංකා ගණකාධිකාරී ශිල්පීය ආයතනයේ (AAT Sri Lanka ) සම්මන්ත්‍රණ කමිටුව විසින් සංවිධානය කරන මාසික සම්මන්ත්‍රණ මාලාවේ මීලග සම්මන්ත්‍රණය මෙම සතියේ 27 වන දින පස්වරු 5.30 සිට 7.30 තෙක් AAT Sri Lanka ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

සිවිල් සමාජයට හමුදා නායකත්වයෙන් උගත හැකි පාඩම් යන මැයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේ මුලසුන හොබවන්නේ ආචාර්ය අජිත් කොලොන්නේ මහතා විසින් වන අතර සභිකයන් ලෙස වයිස් අද්මිරාල් පියල් ද සිල්වා නාවික හමුදා කමාන්ඩර්,මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සහ නියෝජ්‍ය පොලිස්පති රථවාහන අජිත් රෝහණ මහතා සහභාගී වේ.

AAT Sri Lanka ආයතනය වෙනුවෙන් සම්මන්ත්‍රණය මෙහෙයවීම සිදුකරනු ලබන්නේ AAT පරිපාලන සාමාජික ඉන්ද්‍රක ලියනගේ මහතා විසිනි. මේ සදහා සහභාගී වීමට කැමති අයවලුන් 0112 559 669 අමතා ඔබගේ ආසනය වෙන් කර ගත හැක.

නව අදහස දක්වන්න