එස්.එල්.ටී.හියුමන් කැපිටල් සොලුයුෂන්ස් සේවක සමූහයට රැකියා උසස්වීම් පිරිනමයි | දිනමිණ

එස්.එල්.ටී.හියුමන් කැපිටල් සොලුයුෂන්ස් සේවක සමූහයට රැකියා උසස්වීම් පිරිනමයි

SLT Human Capital Solutions පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ පිළිගත් පූර්ණ මානව සම්පත් විසඳුම් සපයනු ලබන ප්‍රමුඛතම ආයතනයයි. ඔවුන් නව්‍ය මානව සම්පත් විසඳුම් සපයන කීර්තිමත් ආයතනයක් ලෙස සිය සේවකයින් සඳහා වෘත්තීය පුහුණුව ලබා දෙමින් ඔවුන්ගේ වෘත්තීය ගමන් මාර්ගය ඉහළට ඔසවා තැබීම සඳහා විශේෂ උත්වසයක් පැවැත් විය.

‘අසීමිත ඔබ’ යන තේමාව මුලික කරගෙන පැවතී මෙම වැඩසටහනේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමුහයේ සභාපති පීගජි කුමාරසිංහ සිරිසේන මහතාගේ සහ SLT Human Capital Solutionsප්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි මහතා අතින් සේවක සේවිකාවන්ගේ වසර ගණනාවක විශිෂ්ඨ කැපවීම ඇගයීමට ලක් විය. ඒ අනුව SLT Human Capital Solutions ඉතිහාසයේ ප්‍රථම වරට සේවකයින්ට වෘත්තීය උසස් වීම් ලබා දීම සඳහා එහි ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි මහතා මුලිකත්වය ගෙන කටයුතු කළේය.

මෙම සේවක උසස් වීම් ලබා දීමේ වැඩසටහනේ මුලික අරමුණ වන්නේ ආයතනයේ සේවක සේවිකාවන්ගේ හැකියාවන් දියුණු කරමින් සේවා ඇගයීම් මත පදනම්ව SLT Human Capital Solutions සේවාලාභීන් සඳහා ගුණාත්මකභාවයෙන් ඉහළ උසස් සේවාවක් සැපයීම සඳහා ඔවුන් දිරි ගැන්වීමයි. මෙම උසස් වීම් ලබා දීම පිළිබඳව ටෙලිකොම් සමුහයේ සභාපති පී.ජි කුමාරසිංහ සිරිසේන මහතා මෙසේ අදහස් පල කළේය.“ ඕනෑම සංවිධානයක සාර්ථකත්වයේ රහස එහි සේවකයින්ගේ ආයතනය කෙරෙහි පවතින පක්ෂපාතිත්වය සහ විශ්වාසය කියලා අප විශ්වාස කරනවා. ඒ වගේම අපගේ කාර්යමණ්ඩලය නිරන්තරවම දිරිගැන්වීම් සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දීම තුළින් ලැබෙන්නාවූ වටිනාකම පිළිබඳව අප වටහාගෙන තිබෙනවා, මෙම උසස් වීම් ලබා දීම තුළින් ඔවුන්ගේ වෘත්තීය ප්‍රයත්නයන් අගය කරන අතර ඔවුන්ගේ වෘත්තීය ගමන් මගට අශිර්වාදයක්ද එක් කරනවා.’’

SLT Human Capital Solutions ඉතිහාසයට නව සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබූ මෙම වැඩසටහනේ සමාරම්භක උළෙල පසුගිය මැයි 24 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ SLT Human Capital Solutions ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි මහතා “මෙම වැඩ සටහන අපගේ සමාගමේ කාර්යභාරය ඉටු කරනු ලබන සේවයන් පිළිබඳව ආයතන කළමනාකාරිත්වය දක්වන සැලකිල්ල සහ අගය කිරීම මනාව පිළිඹිඹු කරන අවස්ථාවක් හැටියටයි මා දකින්නේ. මෙම වැඩසටහන මගින් ආයතන කාර්යමණ්ඩලය දිරි ගැන්වීම මෙන්ම වෘත්තීය ප්‍රගතිය සාර්ථක කර ගැනීම සඳහාද ඔවුන් පොළඹවනු ලබනවා. ඒ වගේම මේ හරහා අනෙකුත් සේවකයන්ගේද උද්යෝගය ඉහළ නංවනවා. මෙම වැඩසටහන අප අඛණ්ඩව වාර්ෂිකව ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වන අතර අපගේ සේවකයින්ගේ අධ්‍යාපන මට්ට්ම ඉහළ නැංවීම සඳහාද කටයුතු සිදු කරනවා.’’ යැයි සඳහන් කළේය.

ඒ අනුව සේවක සේවිකාවන් 110 අධික පිරිසකට පසුගියදා උසස්වීම් ලබා දුන් අතර, එහිදී සේවා කාලය, අධ්‍යාපන සහ අනෙකුත් සුදුසුකම් අනුව කාර්මික, අලෙවි, පාරිභෝගික සේවා, සම්බන්ධතා මධ්‍යස්ථානවල සේවක සේවිකාවන් උසස්වීම් ලැබුවේය.


නව අදහස දක්වන්න