මැලේසියාවේ පාසැල් 400ක් හදිසියේ වැසේ | දිනමිණ

මැලේසියාවේ පාසැල් 400ක් හදිසියේ වැසේ

(ක්‍රිසන්ති විතාරණ)
 
මැලේසියාවේ ජොහොර් ප්‍රාන්තයේ සිසුන් 75 දෙනකු හදිසියේ පෙන්නුම් කළ රෝගී තත්ත්වයක් හේතුවෙන් පාසැල් 400 කට වැඩි සංඛ්‍යාවක් වසා දැමීමට බලධාරීහු කටයුතු කළහ. ඔවුන් පවසන්නේ මෙම ළමයින්ට හුස්ම ගැනීමේ අපහසුව සහ වමනය ඇති වූ බවයි. 
 
මෙම තත්ත්වය වාතය දූෂණයේ වත්මන් තත්ත්වය හමුවේ සිදු වන්නට ඇති බවට ඇති සැකය හේතුවෙන් පසිර් ගුඩනග් කර්මාන්ත ප්‍රදේශයේ පාසැල් ලබන බ්‍රහස්පතින්දා දක්වා වසා දමා වහාම පරීක්ෂණ සිදු කරන ලෙස අදාළ අංශ වෙත නියෝග කර ඇත.
 
පසුගිය මාර්තු මාසයේ දී නීත්‍යනුකූල නොවන අන්දමින් ගංගාවක් වෙත රසායන ද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ළමයින් ඇතුලු 4000ක් පමණ රෝගාතුර වූ බව වාර්තා වේ. 
 

නව අදහස දක්වන්න