බෝඹුවල වී පර්යේෂණායතනය නව වී වර්ගයක් නිපදවයි | දිනමිණ

බෝඹුවල වී පර්යේෂණායතනය නව වී වර්ගයක් නිපදවයි

නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දීපිකා වීරසිංහ මහත්මිය සහ බී. ඩබ්ලිව්. 11 – 3403 නව වී ප්‍රභේදය වගාකර ඇති කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථාන එම වගා බිම් ප්‍රදේශය කාර්යය මංඩලය විසින් නිරීක්ෂණය කරමින් සිටින අයුරු.

බෝම්බුවල වී පර්යේෂණායතනය නව වී ප්‍රභේදයක් නිෂ්පාදනය කිරීමට සමත් වෙයි. කලක පටන් පහත රට තෙත් කලාපයේ ගොවීන්ගෙන් මාස 03රතුවී ප්‍රභේදයට විශාල ඉල්ලුමක් පැවැති අතර එම අවශ්‍යතාවට සරල හා උචිත අයුරින් සැකසෙන වී ප්‍රබේදයක්වන බී. ඩබ්ලිව්. 11 – 3403 නමින් හැඳින්වෙන මෙම වී ප්‍රබේධය (වර්ගය) අභිජනනය කරන ලද බව එම පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා - දීපිකා වීරසිංහ මහත්මිය පවසයි.

මෙය සාර්ථකව වගා කිරීමෙන් අක්කරයකට වී බුසල් 110කට වැඩි ප්‍රමාණයක් නිපදවිය හැකි අතර අස්වැන්න නෙළා ගැනීමට ගතවන කාලය මාස 03කි. රෝග හා පළිභෝධ හානිවලට ඔරොත්තු දීමේ හැකියාව පවත්නා මෙම වී වර්ගය යාපනය දිස්ත්‍රික්කයේ මුරුංකන් ප්‍රදේශයේ සාර්ථකව වගා කිරීමෙන් අක්කරයකින් වී බුසල් 200 මට්ටමට සීමාවූ අස්වැන්නක් නිෂ්පාදනය කිරීමට හැකිවූ බවද වාර්තා වී තිබේ.

විශේෂ ලක්ෂණයක් වශයෙන් මෙම වී වර්ගයේ ඇට දිගින් වැඩිය. පැහැයෙන් රතු පැහැය ගනී. පළිබෝධ හානි හා යකඩ මළ තත්ත්වයන්ට ඔ‍ෙතේතුදීමේ හැකියාව තිබේ. තවද මෙම වී වර්ගයේ ගොයම් ගස් බිම ඇද වැටීමද සිදු නොවේ. එබැවින් යාන්ත්‍රික වශයෙන් හෝ ස්වාභාවික වශයෙන් අස්වැන්න නෙළා ගැනීමට ඉතා පහසු වෙ. වල් පැළෑටීන් සමඟ තරග කිරීමේ ප්‍රතිශක්ති හැකියාව ඇති බවද පර්යේෂණයක් මඟින් ඔප්පු කර ඇත.

මෙහිලා සාර්ථකත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වර්ග නිදහස් කිරීමේ කමිටුවට යෝජනා කිරීමට නියමිතව ඇති බවද, එමඟින් ගොවීන්ට නව වී වර්ගයක් ලෙස හඳුන්වා දී නිදහස් කිරීමට අපේකෂිත බවද බෝම්බුවල වී පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දීපිකා වීරසිංහ මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය. බෝම්බුවල වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ පර්යේෂණ සහකාර ගයත්‍රි පොන්සේකා මහත්මිය මෙහි වී ගුණනය කිරීමේ මහඟු කර්තව්‍යය සිදුකරගෙන යයි.

මතුගම මධ්‍යම - නිමල් වීරසේන

නව අදහස දක්වන්න