හුංගම ධීවර වරායේ ගින්නක් - බෝට්ටු 20ක් විනාශයි | දිනමිණ

හුංගම ධීවර වරායේ ගින්නක් - බෝට්ටු 20ක් විනාශයි

තංගල්ල, හුංගම පොලිස් වසමේ ගුරුපොකුණ ධීවර වරායේ ඊයේ(25) රාත්‍රී 11.50ට පමණ ඇතිවූ ගින්නකින්, එහි නවතා තිබූ ධීවර බෝට්ටු 20ක් මුළුමනින්ම විනාශයට පත්ව තිබේ.
 
ගින්නෙන් ධීවර ආම්පන්න හා ධීවර වාඩි රැසක් ද විනාශයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. ගින්නෙන් ධීවර ආම්පන්න හා ධීවර වාඩි රැසක් ද විනාශයට පත්විය. ධීවර වරායේ වාඩියකට ගිනි ඇවිලි ඇති බවට, ලැබුණු තොරතුරකට අනූව එහි පැමිණි ධීවරයන් කිහිප දෙනෙකු ගින්න පැතිරෙමින් පැවතීම හේතුවෙන් හුංගම පොලීසිය දැනුවත් කර තිබේ.
 
අනතුරුව, එහි පැමිණි හුංගම පොලීසියේ,තංගල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය හා නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහය ද ඇතිව ගින්න මැඩපැවැත්විණ.
 
ගින්නෙන් කිසිවෙකුට හානි සිදුව නොමැති බව හුංගම පොලීසිය පවසයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

නව අදහස දක්වන්න