ගෝඨා නඩුවේ අධිචෝදනා සංශෝධනයට නීතිපති එකඟතාවය | දිනමිණ

ගෝඨා නඩුවේ අධිචෝදනා සංශෝධනයට නීතිපති එකඟතාවය

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා සංශෝධනය කිරීමට නීතිපතිවරයා එකඟතාවය පළ කර තිබේ.

ඩී.ඒ.රාජපක්ෂ කෞතුගාරය ඉදි කිරිමේ දී රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ ත්‍රීප්‍රද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.

අදාළ අධිචෝදනා සංශෝධනය කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාපක්ෂගේ නීතිඥවරුන් විශේෂ මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ ද එය ප්‍රතික්ෂේප කිරීමට එම අධිකරණය පියවර ගනු ලැබීය.

ඊට එරෙහිව ඔහුගේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළිත් වරක් අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව අදාළ අභියාචනය අද(26) දිනයේ දී කැඳවු අතර එහිදී අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන ප්‍රකාශ කර ඇත්තේ අදාළ අධි චෝදනා සංශෝධනය කිරීමට නීතිපතිවරයා එකඟතාවය පළ කර ඇති බවයි.

 


නව අදහස දක්වන්න