හෙට මධ්‍යම රාත්‍රියේ සිට යළි දුම්රිය වර්ජනයක් | දිනමිණ


 

හෙට මධ්‍යම රාත්‍රියේ සිට යළි දුම්රිය වර්ජනයක්

හෙට (27දා) දින මධ්‍යම රාත්‍රි 12 සිට නැවත වැඩ වර්ජනයක් සිදු කරණ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කර තිබේ.

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ප්‍රවාහන බලධාරීන් සඳහන් කළත් ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් සතියකට වරක් පැය 24ක වැඩ වර්ජනයක් සිදු කෙරේ.

දුම්රිය ස්ථානාධිපති දුම්රිය නියාමක එන්ජින් රියදුරු හා අධීක්ෂණ සේවා නිලධාරීන් පාලකවරුන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා විසඳා ගැනීමට හෙට (27දා) දින මධ්‍යම රාත්‍රි 12 සිට වැඩ වර්ජනයක් සිදුකරන බවත්, සෑම සතියකම මෙම කාලය තුළ වැඩ වර්ජනය දියත් කරන බවද එම සංගමයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.

දුම්රිය සේවයෙන් විශ්‍රාම ගිය පිරිස් දුම්රිය සේවයට බඳවාගෙන අදාළ කටයුතු සිදුකරන බවට බලධාරීන් ප්‍රකාශ කළත් එය තම ක්‍රියාමාර්ගවලට බාධාවක් නොවන බවද පවසා සිටියේය.

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර මේ මස 28 වන දින විශ්‍රාම ගිය පිරිස් බඳවා ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

නව අදහස දක්වන්න