මොරගොල්ල කනිටු විදුහලේ ගොඩනැඟිලි ඵලක් ඇති දෙයකට ගනිමු ද? | දිනමිණ

මොරගොල්ල කනිටු විදුහලේ ගොඩනැඟිලි ඵලක් ඇති දෙයකට ගනිමු ද?

ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයට අයත් හුණුපොළ මොරගොල්ල කනිටු විදුහලේ ගොඩනැඟිලි කිසිදු ප්‍රයෝජනයකට නොගැනීම නිසා දිනෙන් දිනම ජරාවාස වෙමින් පවතී.

1996 වසරේදී වසා දැමූ මේ පාසලේ ප්‍රධාන ගොඩනැඟිල්ල කැලයට යටවෙමින් පවතී. රුපියල් ලක්ෂ50ක් පමණ වටිනා මේ ගොඩනැඟිල්ල අවට පදිංචිකරුවන් විසින් තැම්බූ වී වේළා ගැනීම සඳහා යොදාගෙන ඇත. මේ ගොඩනැඟිල්ල දිරාපත්වී කඩා වැටීමට පෙර ප්‍රයෝජනවත් දෙයකට යොදා ගන්නැයි ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

ඡායාරූපය - ඉබ්බාගමුව විශේෂ චන්ද්‍රතිලක රත්නායක

නව අදහස දක්වන්න