මරණ දඬුවමට අත්සන යෙදුවා - ජනපති | දිනමිණ

මරණ දඬුවමට අත්සන යෙදුවා - ජනපති

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වූ ජුනි මස 26 වැනිදා කරන ප්‍රකාශයක් ලෙස හෙළි කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව නීතිය හමුවට පමුණුවා වරදකරුවන් ලෙස නියම වූවන්ට නීතිය මගින් මරණ දඬුවම  තීන්දු කෙරෙන බවත් ඒ අනුව සිවු දෙනෙකුට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වූ ලේඛනයට සිය අත්සන ලබා දී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මරණ දඬුවමට භාජනය වන එම සිවුදෙනා කවුරුන්ද කවදා දඬුවම ක්‍රියාත්මක වේද යන්න තවම ප්‍රකාශ කළ නොහැකි බවද මේ සිවු දෙනාම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්හි නිරත වී චෝදනා ඔප්පු වූ අය බවද එසේ දඬුවම නියම වූවත් ඔවුනට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

තරුණ ජීවිත විනාශ කරමින් රට අභාග්‍යසම්පන්න ඉරණමක් කරා ගෙන යමින් සිටින නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට තමන් ඉකුත් සිවු වසර තුළ ප්‍රබල උත්සාහයක් ගත් අතර සියලු දෙනාගේ සහය ඇතිව එම සටන අවසානය කරා මෙහෙයවන බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

නව අදහස දක්වන්න