ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර
රජයේ කිසිදු ඇමැතිවරයෙක් සිය රාජකාරියට බාධා කිරීමක් හෝ බලපෑම් කිරීමක් සිදුකර නොමැති බව යුද හමුදාපති ලුතිනන් ෙජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ඊයේ (26) සාක්ෂි ලබාදෙමින් පැවැසීය.
ඇමැතිවරයකු නොව ජනපති හෝ අගමැති හෝ කිසිදු විටක තමන්ට බලපෑමක් සිදුකර නොමැති බව ද ඒ මහතා කීය.
රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා විසින් යම් බලපෑමක් සිදුකර ඇද්ද යන්න පිළිබඳ කාරක සභාව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් යුද හමුදාපතිවරයා එසේ පැවැසීය.
රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා විසින් ඉෂාක් අහමඩ් නමැති පුද්ගලයකු පිළිබඳව දුරකථනයෙන් විමසූ බවත් එය සුහද විමසීමක් මිස බලපෑමක් හෝ වෙනත් බලපෑම් කිරීමක් නොවන බව පැහැදිලි කළ සේනානායක මහතා එහිදී ඇමැතිවරයාට ලබාදුන් පිළිතුරු විස්තරාත්මකව පැහැදිලි කළේය.
පාස්කු ප්‍රහාරයට මුල් වූ ජාත්‍යන්තර ත්‍රස්තවාදය මෙරට තුළ යළි හිස එසවීමට හැකි වාතාවරණය මර්දනය කර ඇති බවත්, ත්‍රස්තවාදය මෙරට තුළ යළි වර්ධනය වීමේ තත්ත්වයක් නොමැති වුවත් හමුදා බුද්ධි අංශ තර කර සෑම අඟහරුවාදා දිනකම ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කරන බවත් පැවැසීය.
රජයේ හමුදා ශක්තිමත්ව ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් හමුදාපතිවරයා හමුදා ශක්තිය හෝ බුද්ධි අංශ අඩාලවීමක් සිදුව නැති බවත් කිසිදු පුද්ගලයෙක් හෝ ආණ්ඩුව හමුදා බුද්ධි අංශ අඩපණ කිරීමක් කළ නොමැති බවත් පැවැසීය.
එල්.ටී.ටී.ඊ.ය පරාජය කළ ලෝකයේ ප්‍රබල ශක්තිමත් හමුදාවක් සිටින බව පෙන්වා දුන් යුද හමුදාපතිවරයා එල්.ටී.ටී.ඊ. නායකයා මරණයට පත් වූ පසු 13000 ක් හමුදාවට බාර වුවත් මෙම ත්රස්තවාදීන් එසේ නොවන බැවින් ඕනෑම මොහොතක සිදුවිය හැකි ඇටෑක් එකක් වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බව පෙන්වා දුන් හමුදාපතිවරයා ඊට සියලු ආරක්ෂක අංශ සූදානම් කර ඇති බවත් ත්‍රස්තවාදය අද හෝ හෙට සහමුලින් ඉවත දැමිය හැකි බවට දින වකවානු නියම කළ නොහැකි බවද කීවේය.
රිෂාඩ් අමාත්‍යවරයාගේ දුරකථන ඇමතුමට ලබාදුන් පිළිතුර පිළිබඳව සේනානායක මහතා මෙසේද පැවැසීය.
ඇමැතිතුමා කීපවරක් මට දුරකතනයෙන් කතා කළා. ඉෂාන් අහමඩ් නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවත්, අවුරුදු එකහමාරකින් පසුව කතාකරන ලෙසත් මම දැනුම් දුන්නා.
මම අවුරුදු එකහමාරක් කිව්වේ සැකකරු අවුරුදු එකහමාරක් අත්අඩංගුවට තබාගන්නවා කියලා දැනගෙන නෙවෙයි. සාමාන්‍යයෙන් යුද සමයේ ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙක් විමර්ශන අවසන් නැත්නම් අවුරුදු 1 ½ ක් රඳවා තබාගන්නවා. එම පළපුරුද්ද උඩ එසේ පැවැසුවා. එම දුරකතන ඇමතුම බලකිරීමක් හෝ නිදහස් කරන්න කියලා කළ බලපෑමක් නොවෙයි. සුහද කතාබහක්. මමත් සුහදව පිළිතුරු දුන්නා. මගේ දුරකතන නම්බරය සියලුදෙනා දන්නවා. මැති ඇමැතිවරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්මට කතා කරනවා. කිසිදු අයෙක් බලපෑම් කර නෑ.
නව අදහස දක්වන්න