The Loft Mirissa නවාතැන් සංවර්ධනය සඳහා වන තරු පහේ සම්මානය දිනයි | දිනමිණ

The Loft Mirissa නවාතැන් සංවර්ධනය සඳහා වන තරු පහේ සම්මානය දිනයි

ශ්‍රී ලාංකීය වාස්තුවිද්‍යාත්මක ක්‍ෂේත්‍රය නුතනත්වය සමඟ මනාව බද්ධ කළ ඉදිකිරීම් ව්‍යාපෘතියක් වනThe Loft MirissaÓ , ශ්‍රී ලාංකීය විශිෂ්ටතම නවාතැන් සංවර්ධන කාර්යය (Leisure Development) වෙනුවෙන් පිදෙන ගෞරවණීය තරු පහේ සම්මානය පසුගියදා Asia Pacific Property සම්මාන උළෙලේදී දිනාගත්තේය. Provident Capital සමාගමේ පළමු ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක මෙහි වාස්තු විද්‍යාත්මක සංකල්පය, අගය යෝජනා කිරීම සහ සංවර්ධනයවීමේ වභවව යන අංශයන් මෙහි සුවිශේෂි ගුණාංග බව මෙම ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් හඳුනාගෙන ඇත.

මෙම සම්මාන උළෙල පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවර Marriott Marquis හි පැවැත්වූ අතර, එහිදී ජයග්‍රාහකයින් ගෞරවණීය තරු පහේ සම්මානයෙන් ඇගයීමට ලක්කළේය. කලාපීය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව තුළණාත්මක අධ්‍යයන කාර්යයක නිරතවෙමින් ක්‍රියාත්මක කරනා මෙම සම්මාන උළෙල, මෙම ක්‍ෂේත්‍රයේ අත්දැකීම් සහිත 80 ඉක්මවූ ගෞරවණීය සහ ස්වාධීන විනිසුරු මණ්ඩලයකගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මකවන්නකි. මෙවර එම විනිසුරු මණ්ඩලයේ මූලාසනය හොබවනු ලැබවේ එක්සත් රාජධානියේ House of Lords සාමාජිකයන් වන කයිත්නස් සාමිවරයා, බෙන්සන් සාමිවරයා, ලිවර්පූල් හි අර්ල් සහ තර්සෝ යන සාමිවරයන් විසිනි.

කීර්තිමත් අන්තර්ජාතික දේපල සම්මාන උළෙලේ (International Property Award) අංගයක් ලෙස ක්‍රියාත්මක වන ආසියා පැසිෆික් දේපළ සම්මාන උළෙල (Asia Pacific Property Award) යනු දේපල සහ දේපල වෙළඳාම් ක්‍ෂේත්‍රය කේන්‍ද්‍රකරගනිමින් කලාපය තුළ ක්‍රියාත්මක විශාලතම සහ ගෞරවණීයත්වයට පත්වූ තරඟාවලියයි. ලෝක සම්මනය සඳහා තරඟකරුවන් ඉදිරිපත් කිරීමේදී මෙම සම්මාන උළෙලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි.

නව අදහස දක්වන්න