වෛද්‍ය සාෆි පැලෝපීය නාලවලට හානි කළැයි මෙතෙක් අනාවරණය වී නෑ | දිනමිණ


 

වෛද්‍ය සාෆි පැලෝපීය නාලවලට හානි කළැයි මෙතෙක් අනාවරණය වී නෑ

වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලට අනුව ඔහු විසින් සිදුකරන ලද සිසේරියන් සැත්කම්වල දී කාන්තාවන්ගේ පැලෝපීය නාලයට හානි සිදුකළ බවට කරුණු අනාවරණයවී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(27) කුරුණෑගල මහෙස්ත්‍රාත් සම්පත් කාරියවසම් මහතා හමුවේ පිටු දෙසිය දහයකින් යුත් පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේය. ඒ අතර තවදුරටත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන අතර ත්‍රස්තවාදි පනත යටතේ වෛද්‍යවරයා රඳවා තබාගෙන ඔහුගේ ආදායම් සම්බන්ධයෙන් පෞද්ගලික බැංකු දෙකක් පරීක්ෂාවට ලක්කිරීම සිදුකරන බව කියා සිටියේය.

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු ශ්‍යොබ්දින් මොහොමඩ් සාෆි සම්බන්ධ නඩුව ඊයේ(27) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ දී කැඳවනු ලැබීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ නඩුව සඳහා අධිකරණය ඉදිරියේ පෙනී සිටියා. එසේ පෙනී සිටිමින් පිටු දෙසිය දහයකින් යුක්ත වැඩිදුර වාර්තාවක් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනටමත් සටහන් කර තිබෙන ප්‍රකාශ අටසිය එකක් සම්බන්ධයෙන් සාරාංශගත වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අතර මේ සිදුකරන විමර්ශන කාලය තුලදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් කාන්තාවන් හයසිය පහළොවකගේ ප්‍රකාශ සටහන් කර තිබෙනවා. ඒ හයසිය පහලොවේ ප්‍රකාශත් ඇතුළත්ව තමයි එම සාරංශ වාර්තාව ඉදිරිපත් කර තියෙන්නේ.

එම කාන්තාවන් හයසිය පහළොව අතරින් කාන්තාවන් හාරසිය හැටඅටක් ප්‍රකාශ ලබාදෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ කර තිබෙන්නේ තමන්ට සිසේරියන් සැත්කම කර තියෙන්නේ වෛද්‍ය සාෆි බවටත් ඒ වගේම මේ වෛද්‍යවරයා පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ තමන්ට ඇතිවූ සැකය මත පමණක් මෙලෙස පැමිණිලි ඉදිරිපත් කරන බවය.

නමුත් ඒ කාන්තාවන් හාරසිය හැටඅටගේ ප්‍රකාශ එක් ඒක් අයගේ වශයෙන් සාරංශ අධිකරණයට ඊයේ ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මේ ප්‍රකාශ සිදුකළ කාන්තාවන් හයසිය පහළොව අතරින් ඉතිරි කාන්තාවන් එකසිය හතළිස් හත්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබා දී තිබෙන්නේ වෛද්‍ය සාෆි විසින් තමන්ට සිසේරියන් සැත්කම කිරීමෙන් පසුව තවත් දරුවකු තමන්ට නොලැබුණු බවටයි පැමිණිලි කර තිබෙන්නේ.

අධිකරණ නියෝගයක් මත දැනටමත් විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා මේ කාන්තාවන් පරීක්ෂා කිරීම සඳහා. මීට පෙර එම කමිටුව පිළිබඳ වාර්තා ලබා දී තියෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් හා ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගෙන් යුක්තව මේ කමිටුව පිහිටුවා තියෙනවා. ඒ අනුව මේ විශේෂඥ කමිටුව ඒ කාන්තාවන් පරීක්ෂා කිරීමට අදාළව දැනටමත් ලබා දී තිබෙන නිර්ණායක මත ඒ පරීක්ෂාව සඳහා සුදුසුකම් ලබා තියෙන්නේ කාන්තාවන් එකසිය හතළිස් හත්දෙනා පමණයි. ඒ අනුව මේ පිළිබඳත් ඊයේ අධිකරණය වෙත කරුණු වාර්තා කළා. මෙම කාන්තාවන් එකසිය හතළිස් හත්දෙනා පරීක්ෂා කිරීමේදී මුලින්ම සායන වැඩමුළුවක් පැවැත්වීමටත් ඒ සායන වැඩමුළුව අදාළ විශේෂඥ වෛද්‍ය කමිටුව හා තවත් වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් එළඹෙන(30) කුරුණෑගල ප්‍රදේශයේදී පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

එවැනි සායන වැඩමුළුවක් පැවැත්වීමට අදහස් කළේ. එසේ සායනයක් පවත්වා එම කාන්තාවන් සිදුකිරීමට නියමිත පරීක්ෂාව(එච්.එෆ්.ඩී.) පිළිබඳ මෙම කාන්තාවන් දැනුවත් කිරීම සහ ඒ පරීක්ෂාව සිදුකිරීම සඳහා ඒ කාන්තාවන්ට දින ලබාදීම අරමුණු කරගෙන තමයි මේ සායනය පැවැත්වෙන්නේ. මේ වෙනුවෙන් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා තියෙන්නේ. ඒ ගැන අධිකරණයටත් දැනුම් දෙමින් අධිකරණයේ අධීක්ෂණයට යටත්වයි ඒම පරික්ෂණ කටයුතු සිදුවන්නේ. නමුත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කරද්දීම අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කෙරුවා. ඔවුන් කියා සිටියේ මේ එච්.එෆ්.ඩී පරික්ෂාව හේතුවෙන් නොයෙක් සංකූලතා හෝ අතුරු ආබාධ ඇති වීමට හැකියාව තිබෙනවා. එබැවින් මේ පරීක්ෂාව සිදුනොකරන ලෙසටයි.

ඒ අනුව අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කළේ එච්.එස්.ඩී. පරික්ෂාව සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය මේ විරෝධතාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂාවක් සිදුකර එවැනි සංකූලතා හෝ අතුරු ආබාධ වෙනවාද කියා අධිකරණයට කරුණු වාර්තා කරන්න කියලයි. ඒ අනුව (30) පරීක්ෂාව සිදුනොකරන අතර අධිකරණයේ නියෝගය මත සිදුකරන පරීක්ෂාව සිදුකෙරේ. ඒ අනුව මේ නඩුව ජූලි(11) දින කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතයි. එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණ වාර්තාව හා වැඩිදුර වාර්තාවකුත් ඉදිරිපත් කිරීමට නියමිතයි. තවදුරටත් මේ වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටිනවා.

විජයානි එදිරිසිංහ, අනුර ප්‍රේමලාල්, කුරුණෑගල දකුණ සමූහ, කුරුණෑගල මධ්‍යම විශේෂ

අදහස් 1ක් ඇත

වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට එරෙහිව කන්තාවන් 801 ක් වඳ භාවයට පත් කිරීමට උත්සාහ කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. 01. වෛද්‍ය සාෆිට එරෙහිව කාන්තාවන් 801 දෙනෙකු කරන ලද චෝදනා වැඩි සංඛ්‍යාවක් පදනම් විරහිත චෝදනා ලෙස නිසි වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව උපකල්පනය කළ හැකිද? 02. වෛද්‍ය සෆි ෂිහාබ්දීන්ගේ රාජකාරි ක්‍රියාවලිය සහ ඔහුගේ තනතුර හා වෘත්තීය සුදුසුකම් ආදී සාධාරණ සැකයක් මතුවන පසුබිමක් මත සහ වෛද්‍ය සාෆි ෂීහාබ්දීන් විසින් කාන්තාවන් 801 දෙනෙකු සිසේරියන් සැත්කම් වලට භාජනය කිරීමෙන් පසුව එම කාන්තාවන් සියලුම දෙනාටම හෝ බහුතර පිරිසකට නැවත ගැබ් ගැනීමේ හැකියාවක් නැති වීමට වෛද්‍ය සාෆි විසින් සිසේරියන් සැත්කමේදී කළ ක්‍රියාවක් හේතු නොවූවේද? 03. වෛද්‍ය සාෆී ෂීහාබ්දීන් නිසි සුදුසුකම් නොලැබූ සිසේරියන් සැත්කම් කළ වෛද්‍යවරයෙකු බවට තහවුරු වී ඇති අතර එකී මූලික න්‍යාත්මක සාක්ෂි මත, කාන්තාවන් 801 දෙනෙකු එල්ල කරන චෝදනා විමර්ශනය කිරීම සදහා ව්දේශීය හා දේශීය වෛද්‍යවරුන් ගෙන් යුක්ත වෛද්‍ය කණ්ඩායමක් විසින් විධිමත් පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවයක් ඇත්තේද?

නව අදහස දක්වන්න