සරත්. එන්. සිල්වාට එරෙහි පෙත්සමෙන් ආබෲ ඉවත්වෙයි | දිනමිණ


 

සරත්. එන්. සිල්වාට එරෙහි පෙත්සමෙන් ආබෲ ඉවත්වෙයි

හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පවරා ඇති පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ අද ඉවත් විය.

ඒ, අදාළ පෙත්සම සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ හා පී. පද්මන් සුරසේන යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි.

ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් පසුගිය වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව මරදාන ප්‍රදේශයේ පැවති ජනහමුවකදී විවේචනය කිරීම හේතුවෙන් සරත්.එන්.සිල්වාට එරෙහිව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු තිදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

මීට පෙර අවස්ථා දෙකකදී මෙම පෙත්සම සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් ප්‍රියන්ත ජයවර්ධන හා ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරුවරුන් ඉවත් විය.

ලබන මස 31 වැනි දා පෙත්සම යළි සලකා බැලීමට නියමිතයි.

 

නව අදහස දක්වන්න