රිෂාඩ් බදියුදීන් තේරීම් කාරක සභාව හමුවට | දිනමිණ

රිෂාඩ් බදියුදීන් තේරීම් කාරක සභාව හමුවට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ මේ වනවිට සාක්ෂි ලබාදෙමින් සිටියි.

අද පස්වරු 02.30ට පමණ ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම ආරම්භ කළේය.

පෙරේදා දිනයේදී ඔහු කොමිසම හමුවේ පෙනී සිටියත් එහි නියෝජිතයින් 03දෙනෙකු නොමැතිවීම, ප්‍රශ්න කිරීමට කාලය අවශ්‍යවීම සහ වැදගත් රැස්වීමක් යෙදී තිබීම හේතුවෙන් අද පස්වරු 02.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

මේ අතර, හිටපු අමාත්‍ය අබ්දුල් හලීම්ගේ සොහොයුරා වන ෆායිම් එම්. හෂීම් ද තේරීම්කාරක සභාව හමුවට අද කැඳවා ඇත.

 

නව අදහස දක්වන්න