අභාවයන් | දිනමිණ

අභාවයන්

දම්ධාරා පුංචිහේවා මහත්මිය - ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙන් විශ්‍රාමලත් නන්ද කුමාර් පුංචිහේවා මහතාගේ ප්‍රියාදර භාර්යාව වූද,​ ගයානි පුංචිහේවා මහත්මියගේ දයාබර මෑණියන් වූද,​ ප්‍රියංකර සුමණපාල මහතාගේ නැන්දනිය වූද,​ පද්මකාන්ති කංකානම්ගේ මහත්මියගේ,​ අතුල උයන්සිංහ ජයවර්ධන මහතාගේ,​ සත්‍යලාල් එස්. ජයවර්ධන මහතාගේ සහ ඉන්දික ජයවර්ධන මහතාගේ සහෝදරිය වූද,​ යක්කල අළුත්ගම - බෝගමුව පදිංචිව සිට නැසීගිය යූ. ජේ. සුමනසිංහ මහතාගේ සහ නැසීගිය ප්‍රියවතී සුමනසිංහ මහත්මියගේ දියණිය වූද,​ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ සේවයේ සිට විශාඛා පෙර පාසලේ ආචාර්ය මණ්ඩලයේ විශ්‍රාමලත් දම්ධාරා පුංචිහේවා මහත්මිය වසර 59 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහනය 29 වෙනි සෙනසුරාදා සවස 5.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා උදෑසන 8.30 සිට හැකිවන අතර ආදාහන පෙරහැර සවස 05.00 ට නො 483,​ බෞද්ධාලෝක මාවතේ “ද රෙස්පෙක්ට්” ශාලාවෙන් පිටත් වේ.
063722

පී. සී. ජයරාජ් මහතා (ව්‍යාපාරික) - නැසීගිය පියා පී. ඩී. රත්නසීල නැසීගිය මෑණියන් ජේ. කේ. විජේවීර යන අයගේ පුත්‍රයා වූද බිරිඳ අමිතා,​ දුව ශෂිකා (ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව) දුව,​ දුලිනි,​ පුතා ජයාන් යන අයගේ ආදරණීය පියාණන් වූද,​ ලක්ෂ්මී,​ මානෙල්,​ ස්වර්ණා,​ නැසීගිය ඉන්ද්‍රකුමාර්ගේ සොහොයුරා වූද,​ මොරටුව,​ රාවතාවත්ත අංක 56/​2,​ ශාලංකාපුර පදිංචි පී. සී. ජයරාජ් මහතාගේ (ව්‍යාපාරික) අවමංගල්‍ය කටයුතු ඉරු දින සවස 4.00 ට මොරටුව රාවතාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
063806

 

නව අදහස දක්වන්න