අකුරැස්සේ මූල්‍ය ආයතනයක් කොල්ල කා පළා යද්දී 02ක් අල්ලයි | දිනමිණ

අකුරැස්සේ මූල්‍ය ආයතනයක් කොල්ල කා පළා යද්දී 02ක් අල්ලයි

අකුරැස්ස නගරයට ආසන්නයේ පිහිටි මූල්‍ය ආයතනයකින් රුපියල් ලක්ෂ 29ක පමණ මුදලක් පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට සූදානම් කර තිබිය දී මූල්‍ය ආයතනයට පැමිණි කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 
 
අද(01) දහවල් 01.45ට පමණ මෙම සැකකරුවන් දෙදෙනා මුදල් කොල්ල කා යතුරුපැදියකින් පළා යාමට උත්සාහ කර කිරීමේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 
 
ඔවුන් සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ද සොයා ගෙන ඇත. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් 32 හා 35 වයස්වල පසුවන හක්මණ හා දික්වැල්ල ප්‍රදේශවල පදිංචි කරුවන්වේ.
 
අකුරැස්ස පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ. 

නව අදහස දක්වන්න