සන්ෂයින් හෝල්ඩින්ග්ස් සාර්ථකත්වයට සෞඛ්‍ය අංශ‍යෙන් ඉහළ දායකත්වයක් | දිනමිණ

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සාර්ථකත්වයට සෞඛ්‍ය අංශ‍යෙන් ඉහළ දායකත්වයක්

ශ්‍රි ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් අතර ප්‍රසමුඛතම සමාගමක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පී.එල්.සී . සමුහය මාර්තු 31 වනදායින් අවසන් වූ 2018/19 මූල්‍ය වර්ෂය සදහා රුපියල් බිලියන 22.6 ක පිරිවැටුමක් වාර්තා කල අතර එය පෙර වසරට සාපේක්ෂව 6.9%ක වර්ධනයකි. පාරිභෝගික භාණ්ඩ සහ සෞඛ්‍ය අංශයේ කැපී පෙනෙන දායකත්වය සමුහයේ සමස්ථ පිරිවැටුමට පරයකි. බලපෑමක් එල්ල කල අතර ඉන් වැඩි දායකත්වයක් ලබා දීමට සෞඛ්‍ය අංශය සමත් වී ඇත.

සමාලෝචනයට භාජනය වූ කාල සීමාව සඳහා බදු පසු ලාභය රුපියල් බිලියන 1.1ක් දක්වා පහත වැටී ඇති අතර වූ අතර ලාභ ආන්තිකය 5.1%ක් දක්වා අඩුවී ඇත. පසුගිය වසරේ එය 8.5%ක් වූ අතර කෘෂිව්‍යාපාර ක්ෂේත්‍රයේ අඩු ලාභය මීට ප්‍රධාන හේතුවක් විය. ආයතනයේ ඉහළ කාර්යසාධනය සදහා සෞඛ්‍ය අංශය විශාල දායකත්වයක් දැක් වූ අතර එය සමස්ත ආදායමෙන් 40%ක ප්‍රතිශතයකි. කෘෂි ව්‍යාපාර සහ පාරිභෝගික අංශයේ දායකත්වය පිළවෙලින් 31%ක් සහ 25%ක් විය.

බදු පසු ලාභය සහ සුළු පොලි ආදායම PATMI මිලියන 553 ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව16.7% ක අඩු වීමකි. සුළු පොළී ආදයම සඳහා සෞඛ්‍ය අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර එය සමස්තයෙන් 62% ක් විය. එසේම පාරිභෝගික භාණ්ඩ අංශය සමස්ත සුළු පොලි ආදයම සඳහා 46% ක දායකත්වයක් ලබා දී ඇත.

කෙසේ වෙතත් 2019 මූල්‍ය වර්ෂය අවසානයේ කොටසක ශුද්ධ වත්කම රුපියල් 50.26 ක් දක්වා වැඩිවී ඇති අතර පසුගිය මූල්‍ය වර්ෂයේ එහි අගය රුපියල් 46.71 ක් විය. සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමුහ කළමණාකාර අධ්‍යක්ෂ විෂ් ගෝවින්දසාමි මහතා ආයතනයේ ප්‍රගතිය පිලිබඳ අදහස් දක්වමින්,‘‘අපගේ සමුහයේ සෑම අංශයකටම ඉතාමත් අභියෝගාත්මක කාල පරිච්චේදයක් වුවත් 2018/19 මූල්‍ය‘ වර්ෂයේ සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට අප සමත් වී තිබෙනවා. මතු වූ සියලූ දුෂ්කරතා හමුවේ සමුහයක් වශයෙන් ඒ සඳහා මුහුණ දෙන්නේ සහ ඔරොත්තු දෙන්නේ කෙසේද යන්න පිලිබඳ අප දිගින් දිගටම පෙන්නුම් කර තිබෙනවා. අපගේ කෘෂි ව්‍යාපාර අංශයේ යම් පසුබෑමක් තිබුණත් පසුගිය වර්ෂයේ සිට සෞඛ්‍ය සහ පාරිභෝගික භාණ්ඩ අංශයේ ශක්තිමත් කාර්ය සාධනය සමුහයේ පිරිවැටුමට ප්‍රබල දායකත්වයක් ලබා දී තිබෙනවා.”

සමස්ත ප්‍රතිපල සැළකීමේදී ,බිලියන 9.3 ක විශාල දායකත්වයක් පිරිවැටුමට ලබා දෙමින් සන්ෂයින් සෞඛ්‍ය අංශය ඉහළ කාර්ය සාධනයක් පෙන්වා තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 14.1% ක් වර්ධනයකි. 2018 සැප්තැම්බර මස සිට දෙවන වරටත් බලපැවැත් වූ ඖෂධ මිල පාලනය ඍණාත්මක බලපෑමක් එල්ල කළත් ඉහළ විකුණුම් පරිමාව, සිල්ලර අංශයේ වර්ධනය, නව වෙළෙඳ නියෝජිතයතන එක්වීම පිරිවැටුම වර්ධනය කිරීමට සමත් වී තිබේ. තවද ඖෂධ උප අංශයේ ඉහළ විකිණුම් සහ මිළ ඉහළ යාම් පිරිවැටුමට 66% ක දායකත්වයක් ලබා දුන් අතර එය පෙර වසරට සාපේක්ෂව 10.4% ක වර්ධනයකි. එමෙන්ම සෞඛ්‍ය අංශයේ බදු පසු ලාභය ලෙස රුපියල් මිලියන 368 ක් වාර්තා කරමින් 42.4% දක්වා ඉහළ ගොස් ඇති අතර පෙර වසරට සාපේක්ෂව 3.9% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

නව අදහස දක්වන්න