ශ්‍රී ලාංකීය තරුණයෙක් ජපානයේ දී මිය ගිහින් | දිනමිණ

ශ්‍රී ලාංකීය තරුණයෙක් ජපානයේ දී මිය ගිහින්

මුන්නේශ්වරම සමූහ ඊ. සී. ප්‍රනාන්දු

ජපානයේ ඔසාකා පු සොජිජි හිගෂි හි වාසය කළ ශ්‍රී ලාංකික තරුණයකු ඔහු නේවාසිකව සිටි නවාතැනේ සිය කාමරය තුළ මිය ගොස් සිටිය දි පෙරේදා ( 29 ) හමුවී ඇති බව ඔහුගේ මිතුරන් ශ්‍රී ලංකාවේ ජීවත් වන ඥාතීන් වෙත දැනුම් දි ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ කුරුණෑගල සිට ජපානයට ගොස් සිටි චානක මිහිරංග නමැති තරුණයෙකි. ඔහු කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ ආදි සිසුවෙකු බවත් කියයි. ඔහාරා සෙත්මෝත් ශකතෝ අධ්‍යාපන ආයතනයෙහි අධ්‍යාපනය ලබන අතර රැකියාවක ද නිරතව සිටි බව කියන මිය ගිය තරුණයා ගේ ශ්‍රී ලංකාවේ පෙම්වතිය පසුගිය දිනෙක ඔහුගෙන් වෙන්වීම නිසා ඔහු දින කිහිපයේද බලවත් කනගාටුවකින් යුතුව සිටි බවත් මිතුරන් දැනුම් දි ඇත.

නව අදහස දක්වන්න