Tuesday, ජූලි 2, 2019 - 12:46
මේ වන විට ජාතික, පළාත් හා ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය සේවාවන් 184ක් ඩිජිටල්කරණය සදහා අවශ්‍ය ව්‍යාපෘති ක්රියාත්මකවෙමින් පවතින අතර නූතන තාක්ෂණය සමඟ අත්වැල් බැදගනිමින් වඩාත් කාර්යක්ෂම මහජන සේවයක් ඇති කරවීම මෙහි අරමුණ වී තිබේ.
මෙම ව්‍යාපෘතිවල කටයුතු ඉක්මන් කරවීම සහ ප්‍රගති සමාලෝචනය සදහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පි. පෙරේරා මහතා විසින් කමිටුවක් පත් කිරීම ද පසුගිය දා සිදු කෙරුණි.
අග්‍රාමාත්‍යතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ ප්‍රධානී වන ජේ. චරිත රත්වත්තෙ මහතා මෙම කමිටුවේ මූලාසනය හොබවන අතර ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යශය, විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික සැලැසුම් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම ව්‍යාපෘති කළමනාකරණ ඒකකය යන රාජ්‍ය ආයතනයන් නියෝජනය කරමින් කමිටු සාමාජිකයින් පත්කරන ලදී.
මෙම කමිටුවේ මූලික කාර්යය වනුයේ සියළුම රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක වන ඩිජිටල්කරණ ව්‍යාපෘති පිළිබදව තොරතුරු රැස්කර එම ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය සමාලෝචනය කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන බාධක වලට විසදුම් සපයමින් කඩිනමින් සහ නිවැරැදිව එම ව්‍යාපෘති සාර්ථකත්වය සදහා ගමන් කරවීමයි.
කමිටුව විසින් මේ වන විට ව්‍යාපෘති 184ක තොරතුරු ලබාගෙන ඇති අතර එම සියළුම ව්‍යාපෘති වල ඉලක්කගත කඩයිම් සමග වර්තමාන ප්‍රගතිය පිළිබදව සවිස්තර වාර්තාවක් මෙම මස 30 වැනි දින වන විට කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අදහස් 1ක් ඇත
comment
නව අදහස දක්වන්න