මිහින්තලය ආලෝකමත් කිරීමට මන්චි දායකත්වය | දිනමිණ

මිහින්තලය ආලෝකමත් කිරීමට මන්චි දායකත්වය

ශ්‍රී ලාංකීය බෞද්ධ බැතිමතුන් පොසොන් පෝය නිමිති කොටගෙන වන මිහින්තලය වැදපුදා ගැනීමට පැමිණීම වාර්ෂිකව සිදු වන අතර එයට සමගාමිව මිහින්තලේ පූජනීය ප්‍රදේශය ආලෝකමත් කිරීම නොවෙනස්වන සම්ප්‍රදායක් ලෙස පවතී. මෙවර මිහින්තලයේ දී සංවිධානය වූ පොසොන් උත්සවය ‘මෙත් දියෙන් සිත් නිවමු’යන තේමාව යටතේ මිලියනයකට අධික බැතිමතුන්ගේ සහභාගිත්වයෙන්ට මෙවරත් පවත්වන ලදී.

සිලෝන් බිස්කට්ස් සමාගමේ (CBL) ප්‍රමුඛතම සන්නාමය වන මන්චි ද, පොසොන් පෝය මුලික කරගෙන මිහින්තලේ වාර්ෂික ආලෝක පූජාව ඇතුළු තවත් ආගමික ක්‍රියාකාරකම් රාශියක තම දායකත්වය ලබා දෙන ලදී.

දේශීය නිෂ්පාදනයක් සහ වෙළද නාමයක් ලෙස මන්චි,මෙරට සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමයන් රැකගැනීමේ වැදගත්කම නිරතුරුව අවබෝධ කර ගෙන සිටින අතර සමාගමේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන් හරහා විවිධ වූ අනුග්‍රහයන් ලබා දෙමින් සමාජයේ යහපැවැත්ම උදෙසා කැප වෙයි. මන්චි මෙවර මිහින්තලේ ආලෝක පූජාව හා සම්බන්ධ වුයේ ඔවුන් සතු සමාජ වගකීම් ඉටු කිරිමේ පරමාර්ථයෙනි.

තවද, අනුරාධපුරයේ දහම් පාසල් සහභාගී කරගනිමින් දෙවැනි වරටත් පැවැත්වූ භක්ති ගීත තරඟය සඳහා මන්චි තම අනුග්‍රහයකත්වය දැක්වීමද මෙහිදී කැපී පෙනෙයි. මධ්‍යම නුවරගම් පළාත ශාසනාරක්ෂක බලමණ්ඩලය සහ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල මෙම තරගාවලිය සදහා දහම් පාසල් 100 ක සිසුසිසුවියන් 1500කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

එසේම, මිහින්තලය පූජා භූමියට පැමිණි සියලූම බැතිමතුන් සහ එහි සිල් සමාදන් වූ උවැසියන් උදෙසා මන්චි අනුග්‍රහයෙන් මුද්‍රණය කරන ලද පින් පොත් බෙදා දීමේ සත්කාරයක නිරත විය. ඊට සමගාමිව මිහින්තලා ආලෝක පූජාව සඳහා සහභාගී වූ සියලු දෙනාටම රසවත් මන්චි බිස්කට් සංග්‍රහ කිරීමටද සමාගම කටයුතු කළේය. පූජනීය නගරවල පිරිසිදුබව සහ අලංකාරත්වය සුරක්ෂිත කිරීම අරමුණු කරගත් බැතිමතුන් වෙත පරිසර හිතකාමී බෑග් බෙදා දීමටද ඔවුන් කටයුතු සම්පාදනය කර තිබු අතර මෙය මන්චි අනුග්‍රහය යටතේ ප්‍රධාන ආගමික උත්සව හා සමගාමිව සිදු කරන තවත් ප්‍රජා සත්කාරයකි.

අඛණ්ඩව වසර ගණනාවක් පුරා විවිධ වූ ආයතනික සමාජ වගකීම් වැඩසටහන් හරහා බැතිමතුන්ට තම අනුග්‍රාහකත්වය ලබා දුන් මන්චි පසුගිය වසරේ කතරගම කිරිවෙහෙර සහ සිරිපාදය වෙත පැමිණෙන බැතිමතුන් සදහා පරිසර හිතකාමී බෑගයක් බෙදා දීම වැනි සමාජ සත්කාරක කටයුතු තුලින් ඔවුන් ඒ සදහා දක්වන කැපවීම තහවුරු කරනු ලබයි.

නව අදහස දක්වන්න