ශ්‍රී ලංකන්-මිහින් ලංකා අක්‍රමිකතා කොමිසම් වාර්තාව ජනපතිට | දිනමිණ

ශ්‍රී ලංකන්-මිහින් ලංකා අක්‍රමිකතා කොමිසම් වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකන් - මිහින් ලංකා අක්‍රමිකතා සෙවීමට පත් කළ කොමිසමේ වාර්තාව ජනපතිට පිළිගන්වයි.

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාව ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.

කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර කොමිසමේ සෙසු සාමාජිකයෝ ද මීට එක්ව සිටියහ.

2006 වසරේ ජනවාරි මස 01 වැනි දා සිට 2018 වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පෞද්ගලික සමාගම යන ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා වූ මෙම කොමිසම 2018 වසරේ ජනවාරි මස 31 වැනි දින ජනාධිපතිවරයා විසින් පත් කරන ලදී.

නව අදහස දක්වන්න