ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය | දිනමිණ


 

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ(03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි. කෞතුකාගාරය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා කෞතුකාගාරය නැරඹීමට එක්වූ අයුරු. ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක, පේෂල ජයරත්න, ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු අරක්ෂක අංශ ප්‍රධානීහු ද, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සනුජා කස්තුරිආරච්චි මහත්මිය ඇතළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය : සුදත් සිල්වා

නව අදහස දක්වන්න