ලංගම බංකොලොත් කරන ජාවාරමක් හෙලිවෙයි | දිනමිණ

ලංගම බංකොලොත් කරන ජාවාරමක් හෙලිවෙයි

මාපාකඩවැව සමුහ - එච් එම් රංජිත් කරුණාවිර

මහියංගන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවේ අලුත් වැඩියා කටයුතු සදහා පෞද්ගික ආයතනයක් වෙත යවන එන්ජින් වලට පරණ කෑලි දමා, අලුත් ඒවා දැමු බවට හැගවෙන ලෙස තීන්ත ආලේප කර ලක්ෂ ගණනින් බිල්පත් දමා සිදු කරන වංචාවක් පිළිබද තොරතුරු එහි කාර් මික සේවක පිරිසක් විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ධාවනයට නුසුදුසු තත්වයේ පවතින ඒන්ජින් මහියංගණ ලංගම ඩිපෝව මගින් අලුත් වැඩියා කටයුතු සිදු කිරිම සදහා කොච්චිකඩේ පවතින පෞද්ගලික ආයතනයක් වෙත යොමු කිරිම් සිදු කරන අතර, එසේ සිදු කරන අවස්ථාවන් කිහිපයකදීම අලුත් අමතර කොටස් වෙනුවට පරණ අමතර කොටස් යොදා, අලුත් අමතර කොටස් ලෙස පෙනීමට තීන්ත ආලේප කර එවා ඇති අතර එම තීන්ත ආලේපිත කොටස් සදහා අලුතෙන් අමතර කොටස් යෙදු බවට බිල් දමා මුදල් අයකිරිමට කටයුතු කරන බවට මහියංගන ඩිපෝවේ කාර් මික නිළධාරින් පිරිසක් තොරතුරු අනාවරණය කරගෙන ඇත. මෙලෙස මෙම වංචාව සිදු කර ඇත්තේ පළමු අවස්ථාව මෙය නොවන බවටද ඔවුන් ප්‍රකාශ කර සිටි. අවසන් වරට ගෙනා එන්ජිම සදහා ලක්ෂ 10 කට අධික මුදලක් බිල් කර ඇති අතර ලක්ෂ 05කවත් අලුත් අමතර කොටස් දමා නොමැති බවටද ඔහුන් පෙන්වා දෙති.

 

නව අදහස දක්වන්න