මීපාගම මිනිමැරුම් නඩුවෙන් අයියා ගස් මල්ලී නිදහස් | දිනමිණ

මීපාගම මිනිමැරුම් නඩුවෙන් අයියා ගස් මල්ලී නිදහස්

නිවිතිගල මීපාගමදී මීට වසර අටකට පෙර පුද්ගලයකුව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුට විරුද්ධව රත්නපුර පළාත්බද මහාධිකරණයේ පවරා තිබු නඩුවක් විභාග කළ රත්නපුර පළාත්බද මහාධිකරණ අංක1විනිසුරු නවරත්න මාර සිංහ මහතා මිනී මැරීමේ චෝදනාවට පළමු විත්තිකරුවන වැඩිමල් සහෝදරයාට මරණ දඬුවම නියම කළඅතර දෙවැනි විත්ති කරුවන බාල සොහොයුරාව නිදොස්කොට නිදහස් කළේය.

මෙසේ මරණ දඬුවම නියම වුයේ නිවිතිගල මීපාගම පදිංචි බෙල්ලන විදානෙලාගේ සුරසේන නැමැත්තෙකුටය.මෙම අයගේ බාල සොහොයුරා වන බෙල්ලන විදානෙලාගේ සෝමසිරි යන අය නිදොස් කොට නිදහස් කරනලදී.

රත්නපුර පළාත්බද මහාධිකරණ කලාපයට අයත් වර්ෂ 2011 දෙසැම්බර් 3 වන දින නිවිතිගල පොලිස් වසමේ මීපාගම පදිංචි කනත්තගේ සුනිල් විජේරත්න යන අයව වෙඩිතබා ඝාතනය කරනලදැයි විත්ති කරුවන්ට චෝදනා නගා තිබුණි.

පැමිණිල්ල විසින් මිය ගිය අයගේ සහෝදරයකුගේ ඇසින් දුටු සාක්කියක් ඇතුළුව සාක්කි කරුවන් 10 දෙනෙකු ඉදිරිපත් කර තිබු අතර පළමුවෙනි විත්තිකරුට විරුද්ධව මීනීමැරීමේ චෝදනාව සැකයෙන් තොරව පැමිණිල්ල සාක්කිමගින් ඔප්පු කර ඇති බවත් දෙවන විත්තිකරුට විරුද්ධව නගා තිබු මිනීමැරීමේ චෝදනාව සැකයෙන් තොරව පැමිණිල්ල ඔප්පු කර නැතැයිද තීන්ඳුව ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

එන්.පී.රාජදොරේ 
රත්නපුර විශේෂ

නව අදහස දක්වන්න