ත්‍රිවිධ හමුදා වොලිබෝල් සටනේ ජය යුද හමුදාවට | දිනමිණ

ත්‍රිවිධ හමුදා වොලිබෝල් සටනේ ජය යුද හමුදාවට

සාන්ත සේවිය විදුහල මගින් සංවිධාන කළ වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

මාරවිල සාන්ත සේවියර් විදුහල් වොලිබෝල් ක්‍රීඩා පිටියේ පැවැති තරගාවාලියේ අවසන් මහෙ තරගයේ දී ප්‍රබල ගුවන් හමුදා කණ්ඩායම පරදවා වට 3-0ක තියුණු ජයක් අත්කර ගැනීමට යුද හමුදාවට හැකිවිය.

මූලික වටයේදී ගුවන් හමුදා පිල 2-0කින් පරාජය කළ යුද හමුදා ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේදී නාවික හමුදාව වට 2-0කින් පරාජය කිරීමට සමත් විය.

මේ තරගාවලියට යුද හමුදාව සමගින් ගුවන්, නාවික සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම් සහභාගිවූහ. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලාකෝ ඩබ්.එම්.ඩී.පී. මුහම්දිරම්, දක්‍ෂතම ලිබරෝ ක්‍රීඩකයා ලෙස සාසෙ ආර්.එම් සිල්වා සහ දක්‍ෂතම පන්දු ඔසවන්නා ලෙස ලාකෝ ඒ.එස්.එස්.ඩබ් මාසාච්චී සම්මාන දිනාගත් අතර මේ ක්‍රීඩකයන් තිදෙනාම යුද හමුදා කණ්ඩායම නියෝජනය කළහ.

ජයග්‍රාහී යුද හමුදා කණ්ඩායම ලාකෝ මුහම්දිරම් විසින් මෙහෙයවූ අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස යුද හමුදාව තුළින්ම වොලිබෝල් ක්‍රීඩාව සඳහා දායාද කළ යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ දක්‍ෂ ක්‍රීඩකයකු වන සැරයන් ඩබ්.පී.එම්. තිසේරා කටයුතු කළේය.


නව අදහස දක්වන්න