වවු­නි­යාව මාම­ඩුවේ කැලෑ එළි­කළ පිරිස් අත්අ­ඩං­ගු­වට | දිනමිණ

වවු­නි­යාව මාම­ඩුවේ කැලෑ එළි­කළ පිරිස් අත්අ­ඩං­ගු­වට

වවු­නි­යාව මාම­ඩුව ප්‍රදේ­ශයේ බැකෝ යන්ත්‍ර යොදා ගෙන විශාල ප්‍රමා­ණ­යෙන් අන­ව­ස­ර­යෙන් කැලෑ එළි­ක­ර­මින් සිටි පිරි­සක් හා එම යන්ත්‍රෝ­ප­ක­රණ පසු­ගි­යදා අත්අ­ඩං­ගු­වට ගත් බව මාම­ඩුව පොලි­සිය පව­සයි. වවු­නි­යාව දකුණ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සට අයත් අග්බෝ­පුර ප්‍රදේ­ශයේ හා වවු­නි­යාව උතුර ප්‍රාදේ­ශිය ලේකම් කොට්ඨා­ස­යට අයත් විමං­කල්ලු ප්‍රදේ­ශයේ අක්කර හය­කට ආසන්න භූමි ප්‍රමා­ණ­යක් මෙලෙස අන­ව­ස­ර­යෙන් එළි පෙහෙ­ළිකර තිබේ. වවු­නි­යාව අග්බෝ­පුර ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිල­ධා­රි­තු­මන් විසින් මාම­ඩුව පොලි­සි­යට කරන ලද පැමි­ණි­ල්ලක් අනුව මෙම පිරිස හා බැකෝ යන්ත්‍ර මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර සිද්ධිය සම්බ­න්ධ­යෙන් මෙම පිරි­ස­ගෙන් ප්‍රකාශ සට­හන් කර­ගෙන මුදා හැර ඇති අතර බැකෝ යන්ත්‍ර මේ වන විට පොලිසි භාරයේ පව­තියි.

මේ සිදු­වීම සම්බ­න්ධ­යෙන් පොලිස් විම­ර්ශන සිදු කිරි­මේදි අනා­ව­ර­ණය වි ඇත්තේ රාජ්‍ය නිල­ධා­රින් වෙත කිසිදු දැනුම් දිම­කින් තොරව අදාළ පිරිස විසින් මේ කැලෑ එළි කර ඇති බවයි.

ඒ සඳහා අදාළ පාර්ශ්වය සතුව කිසිදු බල­ප­ත්‍ර­යක් හෝ ලිය­වි­ල්ලක් නොමැති බවත් පොලි­සිය පැවැ­සිය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරි­ක්ෂණ කරන මාම­ඩුව පොලි­සියේ නිල­ධා­රි­යෙකු සඳ­හන් කර සිටියේ මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් විම­ර්ශන සිදු­ක­රන බවත්, එම ඉඩ­ම්වල අයි­තිය තහ­වුරු කිරිම සඳහා අදාළ නීති­මය ලිපි ලේඛන සොයා ගැනි­මට පිය­වර ගෙන ඇති බවත්ය.

වවු­නි­යාව දකුණ හා උතුර ප්‍රාදේ­ශිය ලේකම් කොට්ඨා­ස­ව­ලට අයත් මේ ඉඩම් හදි­ස්සියේ එළි පෙහෙලි කිරිම තුළින් මේ ප්‍රදේ­ශ­යන්හි ජිව­ත්වන සිංහල දමිළ ජන­තාව අතර යම් ගැටු­ම්කාරි තත්ත්ව­යක් නිර්මා­ණය විමේ අව­ධා­න­මක් ඇති විය හැකි බැවින් එවැනි තත්ත්ව­යක් ඇති වුව හොත් උතුරේ සිංහල හා දමිළ ජාතින් අතර මේ පවත්නා සංහි­ඳි­යා­ව­ටද යම් තර්ජ­න­යක් විය හැකි බැවින් මෙවැනි අත්ත­නො­ම­තික ක්‍රියා­දා­ම­යන් සිදු­නො­වි­මට බල­ධා­රිගේ අව­ධා­නය යොමු වීම කලෝචි­තය.


නව අදහස දක්වන්න