වෙහෙර බැඳි­හින්න රජ­මහා විහා­රයේ චෛත්‍යය ප්‍රති­සං­ස්ක­ර­ණ­යට ආධාර දෙන්න | දිනමිණ


 

වෙහෙර බැඳි­හින්න රජ­මහා විහා­රයේ චෛත්‍යය ප්‍රති­සං­ස්ක­ර­ණ­යට ආධාර දෙන්න

ගලේ­වෙල පත්කො­ළ­ගොල්ල වෙහෙර බැඳි­හින්න රජ­මහා විහා­රයේ පිහිටි ගරා වැටුණු පුරාණ චෛත්‍යයේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ආරම්භ කර ඇත.මේ චෛත්‍ය දෙවන හා හත­ර­වන සිය­වස් අතර කාල­යේදී විසූ කණි­ෂ්ඨ­තිස්ස රජු විසින් කරන ලදැයි සෙල්ලි­පි­යක් අනුව පුරා­විද්‍යා නිල­ධා­රීහු පව­සන බව විහා­රා­ධි­පති අර­ම්පොළ සුග­ත­වංශ හිමියෝ පැවැ­සූහ.ථූපා­රාම චෛත්‍ය­යෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදි­ක­රන ලද දෙවන චෛත්‍ය ලෙස ද මෙය සැල­කෙන අතර එය 'අභය විහා­රය' ලෙස නම්කර ඇති බව එම සෙල්ලි­පියේ සඳ­හන් වේ. මේ චෛත්‍යයේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු මීට වසර එක­හ­මා­ර­කට පෙර පුරා­විද්‍යා නිල­ධා­රීන්ගේ අධි­ක්ෂ­ණය යටතේ ආරම්භ කර ඇත.ඒ අනුව මේ වන විට චෛත්‍ය වටා ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සිදු­වෙන අතර ඉන් අන­තු­රුව චෛත්‍ය ගර්භයේ ඉදි­කි­රීම් සිදු­කි­රී­මට සැල­සුම් කර ඇති බව විහා­රා­ධි­පති හිමියෝ පැවැ­සූහ.වසර 2400ක් පමණ පැරැණි මේ චෛත්‍ය ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ කම්ක­රු­වන් විසින් සිදු­ක­රන අතර ඒ සඳහා මූල්‍ය දාය­ක­ත්වය සිදු­ක­රන්නේ විහා­රා­ධි­පති හිමි­යන්ගේ පෞද්ග­ලික ධන­යෙන් හා දායක සභාව විසිනි.ඒ සඳහා ඇතැම් පරි­ත්‍යා­ග­ශී­ලීන් විසින් ගඩොල්,සිමෙන්ති හා වැලි ආදී ද්‍රව්‍ය­මය වශ­යෙන්ද ආධාර කරන බව උන්ව­හන්සේ පැවැ­සූහ.කෙසේ වෙතත් රජ­යෙන් කිසිඳු මූල්‍ය­මය දාය­ක­ත්ව­යක් නැතිව ඉදි­වෙන මේ චෛත්‍ය මතු පර­පු­රට රැක දීමට උන්ව­හන්සේ දරන ප්‍රය­ත්නය ප්‍රදේ­ශයේ බෞද්ධ­යන්ගේ ප්‍රශං­සා­වට හේතුවී ඇත.කෙසේ වෙතත් මෙහි ඉතිරි ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු කර­ගෙන යාමට පරි­ත්‍ය­ග­ශී­ලීන්ගේ දාය­ක­ත්වය අවශ්‍ය වී ඇති බවද උන්ව­හන්සේ වදා­ළහ.

ගලේ­වෙල මධ්‍යම සමූහ පී.ජී.ගුණ­ති­ලක

නව අදහස දක්වන්න