මර­ණීය දණ්ඩ­න­යට අස්සන් තැබුවේ දරුණු සමාජ ව්‍යස­න­ය­කින් ජාති­යත්-මතු පර­පු­රත් බේර ගන්නයි | දිනමිණ

මර­ණීය දණ්ඩ­න­යට අස්සන් තැබුවේ දරුණු සමාජ ව්‍යස­න­ය­කින් ජාති­යත්-මතු පර­පු­රත් බේර ගන්නයි

මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන්ට මර­ණීය දණ්ඩ­නය ලබා­දී­මට තමා අත්සන් තැබුවේ කිසි­වකු කෙරෙහි වෛර­යෙන් හෝ ක්‍රෝධ­යෙන් නොව මෙම දරුණු සමාජ ව්‍යස­න­යෙන් ජාතිය සහ මතු පර­පුර බේරා­ගැ­නීම වෙනු­වෙන් බව ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා පැවැ­සීය.

ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොළො­න්න­රුව, ලංකා­පුර විජිත මහා විද්‍යා­ලයේ පැවැති උත්ස­ව­යක දී ය.

පිබි­දෙමු පෙළො­න්න­රුව දිස්ත්‍රික් සංව­ර්ධන වැඩ­ස­ට­හන යටතේ ලංකා­පුර විජිත මහා විද්‍යා­ලයේ ඉදි­කෙ­රුණු පන්ති­කා­මර 15කින් යුත් තෙම­හල් ගොඩ­නැ­ඟිල්ල පෙර­ව­රුවේ ජනා­ධි­ප­ති­ව­රයා අතින් සිසු අයි­ති­යට පැව­රිණි. මේ සඳහා වැය කර ඇති මුදල රුපි­යල් මිලි­යන 30කි.

සමරු ඵල­කය නිරා­ව­ර­ණය කර ගොඩ­නැ­ඟිල්ල සිසු අයි­ති­යට පව­රා­දුන් ජනා­ධි­ප­ති­ව­රයා එහි නිරී­ක්ෂණ චාරි­කා­වක නිර­ත­වෙ­මින් සිසු ක්‍රියා­කා­ර­කම් නිරි­ක්ෂ­ණය කළේය.

විද්‍යා­ලයේ දරු­වන්ගේ ඉල්ලීම පරිදි විද්‍යා­ල­යට අවශ්‍ය උප­ක­රණ ලබා ගැනීම වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ 50ක මුද­ලක් ලබා­දීම ද මෙහිදී සිදු කෙරිණි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා- මෙම අව­ස්ථා­වට සහ­භාගී වන්න ලැබීම පිළි­බඳ මම ඉතා­මත් සතු­ටු­වෙ­නවා. මම මන්ත්‍රී­ව­ර­යෙක් විදි­යට සිටින කාල­යේත් විජිත විද්‍යා­ල­යට කරන්න පුළු­වන් උදව් මම කර තිබෙ­නවා. විශේ­ෂ­යෙන්ම විදු­හ­ල්ප­ති­තුමා සඳ­හන් කළ පානීය ජල ප්‍රශ්නය ඉදි­රියේ දී විස­ඳන්න පුළු­වන් වෙයි. අනු­රා­ධ­පු­රය සහ පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්ක­වල පව­තින වකු­ගඩු රෝගය නිසා පාසල් ඇතුළු ගම්මා­න­ව­ලට ජල පෙරන යන්ත්‍ර මේ වන­විට දී තිබෙ­නවා හත්සි­ය­කට වැඩිය නාවික හමු­දා­වෙන් හදලා තියෙ­නවා. ඒ සඳහා මුදල් දෙන්නේ ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යෙන්.

පිබි­දෙමු පොළො­න්න­රුව වැඩ­ස­ට­හ­නින් පසු­ගිය අවු­රුදු තුනට රුපි­යල් කෝටි 6000ක් විය­දම් කළා. පසු­ගිය දෙසැ­ම්බර් 31දා ඒ ව්‍යාපෘ­තියේ කාලය අව­සන් වුණා. මේ අවු­රුද්දේ වැඩ නිම වූ ව්‍යාපෘ­ති­වල විවෘත කිරීම් තිබෙ­නවා. පසු­ගිය වසර තුනෙත් විවෘත කිරීම් කළා. ඊයේ පැවැති ප්‍රගති සමා­ලෝ­චන රැස්වීමේ දී ඉදි­කි­රීම් 136 ක් තිබෙ­නවා කියා හමු­දාව වාර්තා කළා.

පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ සෑම ගම­කම සේවා පියස, විවෘත කළා. මේ දිස්ත්‍රි­ක්කයේ සිය­ලුම ග්‍රාම සේවා වස­ම්වල ඒ ගොඩ­නැ­ගිලි හදා බාර දී ඉව­රයි.

පසු­ගිය වසර කිහි­පයේ පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ පාසල්, රෝහල්, නාග­රික සංව­ර්ධ­නය, යටි­තල පහ­සු­කම්, ජලය අධ්‍යා­ප­නය වැනි අත්‍යා­වශ්‍ය සේවා­වන් සංව­ර්ධ­නය කළා. ඒ වගේම අපට පොළො­න්නරු දිස්ත්‍රි­ක්කය විදි­යට ගත්තොත් සතුටු වෙන්න පුළු­වන් කාරණා කිහි­ප­යක්ම තිබෙ­නවා. කළ­යු­තුයි කියලා හිතෙන කිසිම දෙයක් අපි නොකර හිටියේ නැහැ.

අද ලංකාවේ කුමන පාස­ල­කට ගියත් සෑම පාස­ල­කම අධ්‍යා­පන තත්ත්වය හොඳයි. විභාග ප්‍රති­ඵල හොඳයි. පන්ති­කා­ම­ර­වල අත්‍යා­වශ්‍ය පහ­සු­කම් නැති නිසා තමයි අධ්‍යා­පන ප්‍රති­ඵල දුර්වල වන්නේ. පුස්ත­කා­ලය, තාක්ෂ­ණා­ගා­රය, කෘෂි, ක්‍රීඩා, තාක්ෂ­ණික අංශ සඳහා අවශ්‍ය කරන උප­ක­රණ නොලැ­බීම නිසා බොහෝ­විට ප්‍රති­ඵල අඩු­වෙන්න හේතු වෙනවා. මේ සම්පත් තිබෙ­නවා නම් සෑම ගුරු මහ­ත්ම­යෙක්ම, මහ­ත්මි­යක්ම, තමගේ දක්ෂ­තාව, දැනුම, අව­බෝ­ධය පරි­ණ­ත­භා­වය තුළ දරු­වන් වෙනු­වන් ඒ කැප­කි­රීම කර­නවා. පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ පාස­ල්වල බොහෝ අඩු­පාඩු සම්පූර්ණ කර තිබෙන නිසා විභාග ප්‍රති­ඵ­ලත් හොඳයි.

මම මේ දවස් ටිකට පාසල් ගණ­නා­වක විවෘත කිරීම් කළා. ඒ ඒ පාස­ල්වල වෙන­ස්කම් තිබෙ­නවා. ප්‍රධාන වශ­යෙන්ම සම්ප­ත්වල හිඟ­යක් තිබෙ­නවා. පාස­ල්වල අඩු­පාඩු සම්පූර්ණ කරන්නේ කොහො­මද කියා අපි බලන්න ඕනේ. විදු­හ­ල්ප­ති­තුමා ලිපි­යක් දුන්නා පාසලේ වර්ත­මාන අව­ශ්‍යතා කියා. දැන් මෙතැන තිබෙ­නවා ගොඩ­නැ­ගිලි. ඊළ­ඟට තිබෙන ප්‍රබල අව­ශ්‍ය­තා­වය තමයි සෑම අංශ­ය­ක­ටම අවශ්‍ය කරන උප­ක­ර­ණ­වල අව­ශ්‍ය­තාව. මම මේ උප­ක­රණ ගන්න ඉදි­රියේ දී ලක්ෂ 50 ක මුද­ලක් එව­නවා. මේ වන­විට වෙන්ක­රන්න පුළු­වන් සල්ලි වෙන්ක­ර­ලයි තිබෙන්නේ.

අධ්‍යා­ප­නය තමයි රටක අනා­ග­තය සඳහා දීර්ඝ කාලීන ආයෝ­ජ­නය. ඒ නිසා මේ දරුවෝ මේ දෙන සම්පත් වලින් හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගත්තම අනෙක් අඩු­පාඩු ඔක්කොම මඟ හැරෙ­නවා. දුප්ප­ත්කම්, නැති­බැ­රි­කම්, අග­හි­ග­කම්, මඟ හැරෙ­නවා. ඒ වගේම සමා­ජයේ අවශ්‍ය පිළි­ගැ­නීම් පිළි­බඳ තමාට ලැබෙන නාය­ක­ත්වය, වග­කීම, හොඳ පුර­වැ­සි­යෙක් වීමට අවශ්‍ය වන්නේ ඉගැ­නී­මයි. ඔබට සතු­රන් සිටි­නවා. ඒ සතු­රන් අතරේ ප්‍රධාන සතු­රෙක් තමයි මත්ද්‍රව්‍ය. මම මත්ද්‍ර­ව්‍ය­ව­ලට විරු­ද්ධව වැඩ කෙරුවේ අද ඊයේ නෙවෙයි. මම මේ අල්ලපු කොටසේ ග්‍රාම නිල­ධාරී විදි­යට වැඩ කරන කාලේ සිටයි.

දැල් පාල­මෙන් එහා පැත්තේ කෑගලු විද්‍යා­ලයේ පාර අයිනේ, මාත් එක්ක හිත­වත් තරුණ ළමයි කණ්ඩා­ය­මක් තියා­ගෙන ඔය පාරේ ගෙනි­යන නීති­වි­රෝධි කසිප්පු අල්ල ගන්නවා. අල්ල­ගෙන ලොරි­යක් ගෙනල්ලා පට­ව­ගෙන පොලී­සි­යට ගෙන­හින් භාර දෙනවා. නඩු දානවා. මම මේක කාල­යක් කර­ගෙන ගියා. මම එත­කොට නැව­තිලා හිටියේ සීඕ බංග­ලාවේ. දව­සක් උදේ මම මූණ හෝද­න­කොට මට පේනවා මම ගාව දෙන්නෙක් හිට­ගෙන ඉන්නවා. මම දන්නෑ අරක්කු බාර් එක අයිති එක්කෙනා කවුද කියලා. ඒ කාලේ අයි­තිය තිබුණ කෙනා තරු­ණ­යෙක්. මම ඇහුවා ඇයි කියලා. මහ­ත්ත­ය­ගෙන් අපිට හරි කර­ද­රයි කියලා කිව්වා. අපේ අරක්කු අල්ල­න­වනේ කීවා. මම කිව්වා මම අල්ල­නවා. මහ­ත්ත­යට ඉතින් කර­දර වෙයි කියලා. ඔය විදි­යට අපිට කර­දර කරන්න ආවොත්. කියා මට තර්ජ­නය කළා. නමුත් මම නැවැ­තුණේ නැහැ. නමුත් මට කාල­යක් යන­කොට හංදි­ව­ලට එන්න බැරිව ගියා.

ලංකාවේ තිබෙන මත්ද්‍රව්‍ය මර්ද­න­යට , නිවා­ර­ණ­යට තිබෙන රාජ්‍ය නොවන ආය­ත­න­යක් වන ඇඩික් ආය­ත­න­යට සම්බන්ධ වෙලා මන්ත්‍රී­ව­ර­යෙක් වූ කාලේත් මා වැඩ කළා. සෞඛ්‍ය ඇම­ති­ව­රයා වුණාට පස්සේ ඔබ දකින්න ඇති අලුත් නීති රීති හැදුවා. සිග­රට්, අරක්කු, දුම්කොළ පාල­නය කරන්න. මර්ද­නය කරන්න. හෙරො­යින්, හසීස්, කොකේන්, මරු­ජු­වානා, අයිස් මේවා තමයි ඉතාම නරක මත්ද්‍රව්‍ය. ඒවා පාවිච්චි කර­පු­ව­හම බොහෝම කෙටි කාල­ය­කින් මර­ණ­යට පත්වෙ­නවා. අද ලංකාවේ පාස­ල්ව­ලට ජාවා­ර­ම්කා­රයෝ මත්ද්‍රව්‍ය නොමිලේ බෙදා හරි­නවා. ලොකු ළම­යින්ට ගෙනත් දෙනවා. අපේ විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට නොමිලේ දෙනවා. මෙයින් රටේ විශාල විනා­ස­යක් සිදු­වෙ­නවා. ස්ත්‍රී දූෂණ, ළමා අප­චාර, මීනී­මැ­රුම්, මංකො­ල්ල­කෑම්, පාතා­ලය මේ අප­රාධ සිය­ල්ල­ටම මුල මත්ද්‍රව්‍ය.

මර­ණීය දණ්ඩ­නය තීන්දු කර මර­ණීය දණ්ඩ­න­යට නියම අය මෙන්න මේ අයයි කියා හත­ර­දෙ­නෙ­කුට මර­ණීය දණ්ඩ­නය දෙන්න මං අස්සන් කෙරුවා. එක්සත් ජාතීන්ගේ මහ­ලේ­ක­ම්තුමා මට කතා කළා. එතුමා මගෙන් ඇහුවා මේ මත්ද්‍රව්‍ය පිළ­බඳ ප්‍රශ්නය. මං කිව්වා ප්‍රශ්නය උග්‍රයි ලංකාවේ. පාසල් විනා­ශයි. විශ්ව­වි­ද්‍යාල විනා­ශයි. රට­ව­ල්ව­ලට මත්ද්‍රව්‍ය බෙදා­හ­රින මධ්‍ය­ස්ථා­න­යක් බවට ලංකාව පත්වෙලා. ලංකාවේ හිර­ගෙ­ව­ල්වල 60%ක් ඉන්නේ මත්ද්‍රව්‍ය වැර­දි­කා­රයෝ. ලංකාවේ හිර­ගෙ­ව­ල්වල ඉඩ තියෙන්නේ දැනට 11000 කට. දැන් 24000 ක් ඉන්නවා. 24000න් 15000ක් විතර මත්ද්‍රව්‍ය නිසා.

මත්ද්‍රව්‍ය පාවිච්ච් කරන අය පුන­රු­ත්ථා­ප­නය කරන්න ලංකාවේ පුන­රු­ත්ථා­පන කඳ­වුරු තියෙ­නවා. ඒ පුන­රු­ත්ථා­පන කඳ­වු­රු­වල ඉඩ නැහැ. මත්ද්‍රව්‍ය නිසා බර­ප­තළ විනා­ශ­ය­කට පත්වෙච්ච දරුවෝ බේර­ගන්න දෙම­ව්පියෝ පුන­රු­ත්ථා­පන කඳ­වු­රු­ව­ලට දාන්න කියා රජ­යෙන් ඉල්ලීම් කර­නවා. නමුත් කඳ­වුරු ඉඩ නැහැ. රටේ ලක්ෂ ගාණක් තරුණ දරුවෝ. පාසල් දරුවෝ මේ පුන­රු­ත්ථා­පන කඳ­වු­රු­වල ඉන්නවා. මේක ඉතාම නරක තත්ත්ව­යක්. ඒ නිසා මර­ණීය දණ්ඩ­නය දෙන්න තීර­ණය කළා.

ලෝකයේ මර­ණීය දණ්ඩ­නය දෙන රට­වල් තියෙ­නවා. දැන් අමෙ­රි­කාවේ ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා ප්‍රකා­ශ­යක් කළා අමෙ­රි­කාවේ මත්ද්‍රව්‍ය ජාවා­රම මර්ද­නය කරන්න සිය­ලුම ප්‍රාන්ත­වල මර­ණීය දණ්ඩ­නය වහා ක්‍රියා­ත්මක කළ යුතුයි කියො. ඇම­රි­කාවේ ප්‍රාන්ත­ව­ලින් කීප­යක මර­ණීය දණ්ඩ­නය නැහැ. නමුත් ඉන්දි­යාව. සිංග­ප්පූ­රුව, චීනය ඒ රට­ව­ල්වල මර­ණීය දණ්ඩ­නය තිබෙ­නවා. මේ දැඩි දඬු­වම් නැතුව රටක් හදන්න පුළු­ව­න්ක­මක් නැහැ. මර­ණීය දණ්ඩ­න­යට මම අත්සන් කළා කියා ප්‍රකා­ශ­යට පත්ක­ළාට පස්සේ සමාජ වෙබ් අඩවි ඒ වගේම වෙනත් රාජ්‍ය නොවන සංවි­ධාන මේකට විරු­ද්ධව කතා කරන්න පටන් අර­ගෙන තිබෙ­නවා. ඒ හැම කෙනෙ­කු­ටම මං කියන්නේ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කා­ර­යන්ට සහ­යෝ­ගය දෙන්න එපා කියා. පාස­ල්වල දරු­වන් ලක්ෂ 40ක්. විශ්ව­වි­ද්‍යාල, කාර්මික විද්‍යාල, වෘත්තීය අධ්‍යා­පන ආය­තන මේ ඔක්කොම ගත්ත­හම ලක්ෂ 50ක් විතර. මේ ඉගෙන ගන්න උගත් හැදෙන තරුණ පර­පුර බේර­ග­න්නයි මම මේවා කරන්නේ. එහෙම නැතුව කෙනෙක් එක්ක තියෙන වෛර­යෙන් ක්‍රෝධ­යෙන් ද්වේෂ­යෙන් නෙවෙයි. රට බේර­ගන්න. රටේ ජන­තාව බේර­ගන්න. විශේ­ෂ­යෙන්ම තරුණ පර­පුර බේර­ගන්න. පාස­ල්වල දරුවෝ බේර­ගන්න. විශ්ව­වි­ද්‍යා­ල­වල ශිෂ්‍යයෝ බේර­ගන්න. ගෙව­ල්වල අම්ම­ලාට තාත්තා­ලට කර­ද­ර­යක් නැතුව නිද­හසේ ජීවත් වෙන්න අව­ස්ථාව ලබා දෙන්න. ඒ නිසා දරු­වනේ ඔබත් හොඳට ඉගෙන ගන්න. හොඳ කෙනෙක් වෙන්න. කාට­වත් මත්ද්‍රව්‍ය පාවිච්ච කරන්න දෙන්න එපා . ගෙදර අම්මයි තාත්තයි මත්ද්‍රව්‍ය පාවිච්ච කර­න­ව­නම් අතේ එල්ලිලා අඬලා කෑග­හලා කියන්න ඔයලා අපිට ආදරේ නැද්ද ඇයි මේවා බොන්නේ කියා අහන්න.

ලංකාවේ දුප්ප­ත්කම වැඩි­වෙන්න ප්‍රධා­නම හේතුව මත්ද්‍රව්‍ය. මිනිස්සු සිග­රට් අර­ක්කු­ව­ලට අති විශාල මුද­ලක් විය­දම් කර­නවා. කොච්චර දුප්පත් වුණත් කොච්චර නැති­බැරි වුණත් සම­හර වේලා­වට තුන්වේල කන්න ආහාර නැති ප්‍රශ්න ආවත් අරක්කු බොන කෙනාට අරක්කු ඕනේ. කසිප්පු බොන කෙනාට කසිප්පු ඕන. සිග­රට් බොන කෙනාට සිග­රට් ඕන. යාච­කයෝ වෙනවා, හිඟ­ම­නට පත්වෙ­නවා, දුගී­බ­වට පත්වෙ­නවා, රෝගී වෙනවා, පවුල් අවුල් වෙනවා, දරුවෝ විනාශ වෙනවා, ලැබෙන දරුවෝ විකෘති වෙනවා, සමා­ජය ප්‍රති­ක්ෂේප කර­නවා, ඉක්ම­නට මැරෙ­නවා. ඉතින් එහෙ­ම­නම් මොක­ටද මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. අවු­රුදු 75ක් ඉන්න කෙනා මත්ද්‍රව්‍ය පාවිච්ච කර­න­වා­නම් 50න් යනවා. හැබැයි ඔය හෙරො­යින්, හසීස්, කොකේන් වගේ විස මත්ද්‍රව්‍ය නම් පාවිච්ච කරන්න පුළු­වන් මාස 6යි. අවු­රු­ද්දයි. අවු­රුදු දෙකයි. මැරෙ­නවා.

ලෝකයේ කිසි­දෙ­යක් අද හංගන්න පුළු­ව­න්ක­මක් නැහැ. ජංගම දුර­ක­ථ­නය, අන්ත­ර්ජා­ලය එක්ක ෆෝන් එකක් අර­ගෙන ඇතුලේ තියෙන ඒවා බල­නවා. ඉතින් හොඳ දේ වගේම නරක දේ තියෙ­නවා. ඒ නිසා හොඳ දේ නරක දේ කියලා අද වෙන්කර හංගන්න පුළු­වන් දෙයක් නෑ

උතුරු මැද පළාත් ආණ්ඩු­කාර සරත් ඒක­නා­යක, විදු­හ­ල්පති ආර්.ඩී. වීර­සූ­රිය යන මහ­ත්ව­රුන් ආචාර්ය මණ්ඩ­ලය, දෙමා­පි­යන්, ආදි සිසුන් ඇතුළු පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

ඡායා­රූප - සඳ­රු­වන් අම­ර­සිංහ
ජනා­ධි­පති මාධ්‍ය අංශය


නව අදහස දක්වන්න