බට­හිර වෛද්‍ය විද්‍යාව කෙත­රම් දියුණු වූවත් දේශීය වෙද­කමේ වටි­නා­කම් යට­පත් කරන්න බෑ | දිනමිණ

බට­හිර වෛද්‍ය විද්‍යාව කෙත­රම් දියුණු වූවත් දේශීය වෙද­කමේ වටි­නා­කම් යට­පත් කරන්න බෑ

බට­හිර වෛද්‍ය විද්‍යාව කෙත­රම් දියුණු වුව ද මෙරට දේශීය වෛද්‍ය ක්‍රමයේ වටි­නා­කම් තව­මත් යට­පත් කිරී­මට නොහැකි වී ඇති බව ද ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා පැවැ­සීය.

ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා මේ බව ප්‍රකාශ කළේ මන­ම්පි­ටිය ග්‍රාමීය ආයු­ර්වේද රෝහලේ නව වාට්ටු සංකී­ර්ණය ජනතා අයි­ති­යට පව­රා­දීමේ අව­ස්ථා­වට එක් වෙමිනි.

මන­ම්පි­ටිය ග්‍රාමීය ආයු­ර්වේද රෝහලේ පැවති දීර්ඝ කාලීන අඩු­පා­ඩු­වක් සපු­රා­ල­මින් පිබි­දෙමු පොළො­න්න­රුව දිස්ත්‍රික් සංව­ර්ධන වැඩ­ස­ට­හන යටතේ ඉදි­කර තිබෙන මෙම වාට්ටු සංකී­ර්ණය සඳහා වැය කර ඇති මුදල රුපි­යල් ලක්ෂ 165කි.

ඇඳන් 28 කින් සම­න්විත වාට්ටු සංකී­ර්ණය බාහිර රෝගී ප්‍රති­කාර අංශ­යක් ඇතුළු සියලු පහ­සු­ක­ම්ව­ලින් සම­න්වි­තය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා- ඒ දේශීය වෛද්‍ය ක්‍රම පිළි­බ­ඳව කතා කළ­හොත් ලෝකයේ සෑම රට­කම ඒ රටට ආවේ­ණික වූ වෛද්‍ය ක්‍රම­යක් තියෙ­නවා. අපි දේශීය වෛද්‍ය ක්‍රමය ආයූ­ර්වේ­දය හෙළ වෙද­කම නොයෙක් ආකා­ර­යෙන් අපේ දේශීය ක්‍රම හඳු­න්ව­නවා. දේශීය වෙද­කම ආයු­ර්වේ­දයේ පොඩි සංවා­ද­ය­කුත් මේ රටේ තිබෙ­නවා. ඒ සෑම අයම මාව මුණ ගැහි­ලාත් තියෙ­නවා.

අපේ රට වගේම ලෝකයේ අනෙක් රට­වල ප්‍රමුඛ ජාත්‍ය­න්තර පිළි­ගැ­නී­මක් තිබෙන්නේ බට­හිර වෛද්‍ය ක්‍රම­යට. නමුත් අධි තාක්ෂ­ණය තිබෙන් චීනය වගේ රට­ව­ල්ව­ලත්, ඉහ­ළම දියු­ණු­වත් තිබෙන ඉන්දි­යාව වගේ රට­වල් ගත්තත් ඒව­ගේම යුරෝ­පය රට­වල් ගත්තත් ඒ රටට ආවේ­නික වූ වෛද්‍ය ක්‍රම තිබෙ­නවා. ඒනිසා මාන­ව­යාගේ ආර­ම්භ­යත් ඒ වගේම වෙද හෙද­ක­මත් අතර ඇත්තේ එකම කාල­යක සමා­න්තර බවක්. අපිට අපේ රටට ගත් විට ප්‍රධාන අභි­යෝග තියෙ­නවා. රටක රෝගී­න්වීමේ සාධ­කය තමා දුප්ප­ත්කම. දුප්ප­ත්කම අඩු­නම් රෝගීන් අඩුයි. නමුත් අපේ රට වශ­යෙන් ගත් විට ජන­ග­හ­නයේ සිය­යට 40ක් විතර අඩු ආදා­ය­ම්ලාභී පවුල්. සිය­යට 10 විතර අධික දුගී­භා­ව­යෙන් සිටි­නවා. ඒ තුළ සෞඛ්‍ය සේවාව ශක්ති­මත් කිරීම අව­ශ්‍යයි. වැඩි­යෙන් වැස්සත් රෝගීන් වැඩි වෙනවා. සුළඟ හැමු­වත් රෝගීන් වැඩි වෙනවා. වැඩි­යෙන් ඌෂ්ණ­ත්වය තිබු­ණත් රෝගීන් වැඩි වෙනවා. වැඩි­පුර සීතල ආවොත් ඒත් රෝගීන් වැඩි වෙනවා. කාල­ගු­ණය දේශ­ගු­ණය ස්වභාව ධර්මය බොහෝ විට රෝග තත්ත්ව­යන් සඳහා බල­පා­නවා.

අවු­රුදු දහස් ගණ­නක අපිට දිර්ඝ ඉති­හා­ස­යක් හෙළ වෙද­කමේ වටි­නා­කම තිබෙ­නවා. බට­හිර වෛද්‍ය ක්‍රමයේ නව සොයා ගැනී­ම්ව­ලට වඩා තව­මත් අපේ ආයු­ර්වේ­දයේ වෛද්‍ය ක්‍රමයේ බොහෝ පුදුම සහ­ගත ප්‍රති­කාර ක්‍රම තිබෙ­නවා. ඒ පිළි­බ­ඳව ඔබ අප කාටත් පුළුල් අව­බෝ­ධ­යක් සහ අත්දැ­කී­මක් තිබෙ­නවා.

ඒ නිසා ආයු­ර්වේ­දය දියුණු කිරීම අත්‍ය­ව­ශ්‍යයි.

බට­හිර වෛද්‍ය ක්‍රම­යයි ආයු­ර්වේද වෛද්‍ය ක්‍රම­යයි ගත් විට මම දකින වෙන­ස්කම් දෙකක් තියෙ­නවා. ඒ ඔබ දකින දේව­ල්ව­ලට වඩා වෙනස්. මම සෞඛ්‍ය ඇම­ති­ව­රයා විදි­යට අවු­රුදු පහක් මේ රටේ වැඩ කරපු නිසා ආයු­ර්වේ­දයේ තිබෙන වටි­නා­කම විත­රක් නොවෙයි. වෛද්‍ය­ව­රුන්ගේ පිරි­සු­දු­ක­මත් දැක්කා. පිරි­සි­දු­කම කියා කියන්නේ ප්‍රධාන වශ­යෙන් දුෂ­ණ­යෙන් තොර­වී­මයි. ආයු­ර්වේද වෛද්‍ය­ව­රයා දූෂ­ක­යෙක් නොවෙයි. ආයු­ර්වේද වෛද්‍ය­ව­රුන්ගේ දුෂ­ණය ගැන අහන්නේ ඉතාම අඩු­වෙන්. ආයු­ර්වේද රෝහ­ල්වල දුෂ­ණය කියන මගේ කනට නම් අහන්න ලැබී නැහැ. බට­හිර වෛද්‍ය ක්‍රමය ගත් විට පිට­ර­ටින් ගේන ඖෂධ ගත්විට උසස් ප්‍රමි­තිය, ගුණා­ත්ම­ක­භා­වය බාල ඖෂධ මේ විදි­යට නොයෙක් ආකා­ර­යෙන් බෙද­නවා.

බට­හිර වෛද්‍ය විද්‍යාවේ දුෂිත බව වැඩියි. වෛද්‍ය­ව­රුන් හොඳයි. නමුත් ඖෂධ මිලදී ගැනීමේ දුෂි­තයි. මෙය අද ඊයේ තත්ත්ව­යක් නොවෙයි. ලංකාවේ විත­රක් නොවෙයි බට­හිර රට­ව­ල්වල ඖෂ­ධ­ව­ලත් දූෂිත පසු­බිම තිබෙ­නවා.

සෞඛ්‍ය­යට අති­වි­ශාල ධන­ස්ක­න්ද­යක් ආණ්ඩු­වක් විදි­යට විය­දම් කර­නවා. නමුත් ඒ විය­දම් කරන මුද­ලින් රෝගි ජන­තා­වට ලැබෙන ප්‍රති­ලා­භ­යට වඩා විශාල මුදල් ප්‍රමා­ණ­යක් දුෂ­ණ­යට සහ වංචා­වට ලක් වෙනවා. ඒක මම මේ කියන්නේ අද ඊයේ ප්‍රශ්න­යක් නොවෙයි. මේ තත්ත්වය පාල­නය කරන්න ඉතාම අමා­රුයි. මම සෞඛ්‍ය ඇමති විදි­යට ඉන්න කාලේ මම මුහුණ දුන්න ප්‍රශ්න තිබෙ­නවා. සාමන්‍ය ජන­තාව තුළ, මාධ්‍ය තුළ, දේශ­පා­ලන වේදි­කාවේ වෙන්න පුළු­වන් කිසිම විට බට­හිර ඖෂධ ගැනීමේ දී අධි­තා­ක්ෂ­ණික උප­ක­රණ ගැනීමේ දී තිබෙන ප්‍රශ්න අපි ආයු­ර්වේ­දයේ දී අහන්නේ නැහැ. ආයු­ර්වේ­දයේ දුෂ­ණ­යෙන් තොරයි. පිරි­සිදු බවත් තිබෙ­නවා. එහි ගෞර­වය වෛද්‍ය­ව­රු­න්ටයි.

උතුරු මැද පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් සමන් බන්දු­ල­සේන, උතුරු මැද පළාත් ආයු­ර්වේද කොම­සා­රිස් කුමාර අල්විස්, දිඹු­ලා­ගල ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ජයන්ත මාර­සිංහ යන මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.


නව අදහස දක්වන්න