පරා­ර්ථ­කාමී නාය­ක­යන් ඉදි­රි­යට ගෙන­ඒම සැමගේ වග­කී­මක් | දිනමිණ

පරා­ර්ථ­කාමී නාය­ක­යන් ඉදි­රි­යට ගෙන­ඒම සැමගේ වග­කී­මක්

දූෂ­ණ­යෙන් තොර, ජන­තාව ගැන සිතා කැප­වී­මෙන් කට­යුතු කරන , රට­ටත් ජන­තා­ව­ටත් ආද­රය කරන පරා­ර්ථ­කාමී නාය­ක­යන් ඉදි­රි­යට ගෙන­ඒම සියලු දෙනාගේ වග­කී­මක් බව නිවාස හා ඉදි­කි­රීම් ඇමැති සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කළේය.

ජන­තාව දුක් මහ­න්සි­යෙන් වැඩ­කර රට ගොඩ නග­න්නට උත්සාහ කරන විට රටේ පාල­ක­යන්ද දුෂ්කර ක්‍රියා කර ජන­තා­වට සේවය කළ යුතු බවත් පොදු ජන­තාව විසින් පාල­ක­යන් පත්කර ගන්නන් පාල­ක­යන්ට සුර­සැප විදින්න නොවන බවද ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය.

ඇමැති සජිත් ප්‍රේම­දාස මහතා මේ බව සඳ­හන් කළේ අනු­රා­ධ­පුර තලාව ප්‍රදේ­ශයේ අරු­ණ­ළු­ගම ජනතා අයි­ති­යට පත්කි­රීම ඇතුළු තවත් උදා­ගම් කිහි­ප­යක් වෙනු­වෙන් පානීය ජලය ඇතුළු අනෙ­කුත් පහ­සු­කම් සැප­යීම වෙනු­වෙන් පසු­ගි­යදා පැවැති උත්ස­ව­ය­කට සහ­භාගි වෙමිනි.

එහිදි වැඩි­දු­ර­ටත් ඇමැති සජිත් ප්‍රේම­දාස මහතා මෙසේද කීය.

අපේ නිවාස සංව­ර්ධන වැඩ­ස­ට­හන අපි 2015 වස­රේදී ආරම්භ කළේ උදා ගම්මාන 40 කිනුයි. එසේ ආරම්භ කළ නිවාස වැඩ­ස­ට­හන අද වන විට ශීඝ්‍ර­ගාමී නිවාස සංව­ර්ධ­න­යක් යටතේ රට­පුරා ක්‍රියා­ත්මක කර­මින් සිටි­නවා. අපේ මූලික ඉල­ක්කය වන්නේ වසර 2025දී රටේ සැමට සෙවණ’ ලබා­දී­මයි. එහි පළමු ඉල­ක්කය වූයේ උදා ගම්මාන 2500ක් ආරම්භ කිරී­මයි.එය අව­සන් කිරී­මට අප සුදා­නම් වූයේ ලබන සැප්තැ­ම්බර් මාස­යේ­දීයි. නමුත් එම ඉල­ක්කය ජූනි මාස­යේ­දීම අව­සන් කිරී­මට අපට පුළු­වන් වුණා. අපගේ ඉල­ක්කය වේලා­ස­නම ජය ගන්නට හැකි­වීම පිළි­බ­ඳව මා බොහෝ සෙයින් සතු­ටට පත්වෙ­නවා.

අද වන­විට රටේ උදා ගම්මාන 2531 වැඩ කට­යුතු ආරම්භ කර තිබෙ­නවා. අපගේ ඊළඟ ඉල­ක්කය වන්නේ දෙවන අදි­යර වශ­යෙන් උදා ගම්මාන 5000ක් ආරම්භ කිරී­මයි. ඉන්ප­සුව තුන්වන අදි­ය­රේදී උදා ගම්මාන 10000ක් සහ සිවු­වන අදි­ය­රේදී නැවත උදා ගම්මාන 2500ක් වශ­යෙන් ආරම්භ කිරී­ම­ටයි. ඒ අනුව වසර 2025 වන විට රටේ උදා ගම්මාන 20000 ක් ඉදි කර ජාති කුල මල පන්ති පක්ෂ,පාට භේද­යෙන් තොරව මාතෘ භූමියේ සැමට සෙවණ’ ලබා දෙන්නට කට­යුතු කරන බව මා සතු­ටින් ප්‍රකාශ කරන්න කැම­තියි.

උදා ගම්මාන 20000 ඉල­ක්කය වෙත යන්නට තවත් උදා ගම්මාන 17500ක් ආරම්භ කළ යුතු වෙනවා. ඒ අනුව ඉදිරි උදා ගම්මාන 17500 රටට අව­ශ්‍යද කියා තීර­ණය කළ යුත්තේ රටේ ජන­තාව ලෙස ඔබයි. එය ඔබ තීර­ණය කළ­හොත් අපට පුළු­වන් 2020 ජන­වාරි මස 01 වැනිදා එක දව­සින් මුළු රටේම ගම්මාන 5000 ක වැඩ පටන් ගන්න. රටේ පව­තින ඉඩම් හිඟ­කම හේතු­වෙන් ඉදිරි කාලයේ අප උදා ගම්මාන වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරී­මේදී සීමිත ඉඩ­කඩ ප්‍රයෝ­ජ­න­යට ගනි­මින් තට්ටු නිවාස ක්‍රම­යට අනු පවු­ල්ව­ලට හිසට සෙවණ ලබා දෙන්න අප කට­යුතු කර­නවා.

රටේ ජන­තාව වන ඔබට ඉදි­රි­යේදී තීන්දු තීරණ ගැනී­මට කාලය උදා වෙනවා. එහිදී ඔබ හොඳින් සිතා බලා එම තීන්දු තීරණ ගත යුතුයි. එහිදී සෝභ­න­යට තැන දෙන­වාද ප්‍රති­රූ­ප­යට තැන දෙන­වාද විසි­තුරු කතා­ව­ලට තැන දෙන­වාද නැත­හොත් දුක් මහන්සි වී රට දියුණු කිරී­මට තැන දෙන­වාද යන්න ඔබ තීර­ණය කළ යුතුයි. අපේ රටේ පවුල් ලක්ෂ 61ක් සිටි­නවා පුර­වැ­සි­යන් ලක්ෂ 220ක් සිටි­නවා. රටේ ජීව­ත්වන ලක්ෂ 220 ක් වන ජන­තා­වගේ අනා­ග­තය සුර­ක්ෂිත වන්නේ කෙසේද රට ගැන සිතන්නේ කවු­රුද.පොදු ජන­තාව පිළි­බ­ඳව සිතන්නේ කවුද යන කරු­ණු­ව­ලට මුල්තැන දෙමින් එම තීන්දු තීරණ ඔබ ගත යුතුයි.

දිවං­ගත මගේ පියා­ණන් උදේ පාන්ද­රම අව­දිවී වැඩ පටන් ගත්තේ රටේ ජන­තාව ගැන හිත­ලයි. එතුමා උදේ ඉඳන් රෑ වන­තුරු සෑම තප්ප­ර­යක් පාසාම කට­යුතු කළේ රටේ පොදු ජන­තා­වගේ සංව­ර්ධ­නය හා රටේ ප්‍රග­තිය වෙනු­වෙ­නුයි. මගේ පියා­ණන් වගේම මටත් හොඳට නිදි මරන්න පුළු­වන්. හොඳට මහන්සි වෙන්න පුළු­වන්.හොඳට වැඩ කර­න්නත් පුළු­වන්. මහන්සි වී වැඩි වැඩි­යෙන් ජන­තාව වෙනු­වෙන් වැඩ කරන විට මට පුදු­මා­කාර සතු­ටක් දැනෙ­නවා. ඔය එක එක දේවල් කියන කාට­වත් කඩි­ස­රව ශක්ති­මත්ව මාත් එක්ක හැරෙ­න්න­වත් බැහැ. රටේ පොදු ජන­තාව ඉල්ලන්නේ කැප­වී­මෙන් මහ­න්සි­යෙන් වැඩ කරන පරා­ර්ථ­කාමී පුද්ග­ල­ය­න්වයි. දූෂ­ණ­යෙන් තොර ජන­තාව ගැන සිතා කැප­වී­මෙන් කට­යුතු කරන රට­ටත් ජන­තා­ව­ටත් ආද­රය කරන පරා­ර්ථ­කාමී නාය­ක­යන් ඉදි­රි­යට ගෙන ඒම සෑම පුද්ග­ල­යෙ­කු­ගේම වග­කී­මක් වෙනවා.

රටේ ජන­තාව දුක් මහන්සි වී වැඩ කර රට ගොඩ නගන්න උත්සාහ දරන විට රටේ පාල­ක­යන් වන අපත් දුෂ්කර ක්‍රියා­කොට ජන­තා­වට සේවය කළ යුතුයි. පොදු ජන­තාව පාල­ක­යන්ව පත් කර ගන්නේ පාල­ක­යන්ට සුර­සැප විඳින්න නොවෙයි. පොදු ජන­තාව වෙනු­වෙන් දුක් මහන්සි වී කැප­වී­මෙන් වැඩ කර­න්නයි. ඒ නිසා අප අඩු පහ­සු­ක­ම්ව­ලින් මහ­ජන සේවාව සප­යන්න පුරුදු විය යුතුයි. එය සෑම පාල­ක­යෙ­කුම හොඳින් අව­බෝධ කර ගත යුතුයි. මේ කරුණු පිළි­බ­ඳව සිතා බලා ඉදිරි කාලයේ ජන­තාව තීන්දු තීරණ ගත යුතුයි.

අපේ රටට ප්‍රධාන විදේශ විනි­මය ලැබෙන්නේ විදේශ රැකියා සේවා­වෙන්. අපේ කාන්තා­වන් පිට­රට ගිහින් වැඩ කරන්නේ ඉතාම දුක් මහන්සි වෙලයි. ඔවු­න්ගෙන් රටට ලැබෙන විදේශ විනි­මය පිළි­බ­ඳව දේශ­පා­ල­ක­යන් මහ උජා­රු­වට කතා කර­නවා. සම­හරු පාර්ලි­මේ­න්තු­වේදී රටට ලැබෙන විදේශ විනිම ප්‍රති­ශත ගැන ඉතා සතු­ටින් කතා කර­නවා. නමුත් අපේ රටේ කාන්තා­වන් පිට­ර­ට­ව­ලට ගොස් විඳින වේද­නා­වන් දුක් කම්ක­ටොළු ගැන කිසිම අයෙක් කතා කරන්නේ නැහැ. එය කන­ගා­ටු­වට කරු­ණක්.

රටේ ජන­තා­වගේ එකම බලා­පො­රො­ත්තුව තමන්ගේ ගැට­ලු­ව­ලට විස­ඳුම් ලබා ගැනී­මයි. ඔවුන් රටට පාල­ක­යන් පත් කර ගන්නේ එම නිසයි. එම නිසා පාල­ක­යන්ගේ වග­කීම වන්නේ පොදු ජන­තා­වගේ ගැට­ලු­ව­ලට විස­ඳුම් ලබා­දී­මයි. ජන­තා­වගේ ගැට­ලු­ව­ලට විස­ඳුම් ලබා­දී­මේදී පව­තින සුපු­රුදු ක්‍රම­වේ­ද­යට පම­ණක් සීමා නොවී නව ක්‍රම­වේද අප ගෙන ආ යුතුයි. මෙරට ලක්ෂ 14ක් වන රාජ්‍ය සේව­ක­යන් එකතු කර ගනි­මින් රටේ සිටින ලක්ෂ 220ක් වූ පුර­වැසි පර­පුරේ ජන ජීවි­තය සුඛිත මුදිත කර­වීම සඳහා අප එම නව ක්‍රම­වේ­දය නිර්මා­ණය කරන්න අව­ශ්‍ය­යයි. දිවං­ගත රණ­සිංහ ප්‍රේම­දාස මාගේ පියා­ණන් එදා අග­මැ­ති­ව­රයා ලෙස හා ජනා­ධි­ප­ති­ව­රයා ලෙස සිටින විට ගැටලු විස­ඳී­මට ජංගම සේවා වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කළා. එම ප්‍රති­පත්ති අනුව යමින් මෙරට පොදු ජන­තා­වගේ ගැට­ලු­ව­ලට විස­ඳුම් ලබා­දී­මට මා ඇප කැප වී ක්‍රියා කර­නවා. දිවං­ගත රණ­සිංහ ප්‍රේම­දාස මහතා විසින් එදා ක්‍රියා­ත්මක කළ ජංගම සේවා සංක­ල්පය අද­ටත් වලං­ගුයි. එය සෑම මහ­ජන නියෝ­ජි­ත­යෙකු විසින්ම ක්‍රියා­ත්මක කිරීම කාලෝ­චි­තයි.

යහ­පා­ලන රජය ආරම්භ කළ ,යළි පිබි­දුණු ගම් උදාව, වැඩ­ස­ට­හන යටතේ ජනතා අයි­ති­යට පත්වන දිව­යිනේ 209 වන උදා ගම්මා­නය අනු­රා­ධ­පු­රය දිස්ත්‍රි­ක්කයේ තඹු­ත්තේ­ගම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ මකු­ලෑව ප්‍රදේ­ශයේ ඉදිවූ “අරු­ණ­ළු­ගම” ගම්මා­න­යයි.ඒ 210 වන උදා ගම්මා­නය. අනු­රා­ධ­පු­රය දිස්ත්‍රි­ක්කයේ තලාව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ මොර­ගොඩ ප්‍රදේ­ශයේ ඉදි වූ “වරු­ණා­ගම” ගම්මා­න­යයි.

ඉඩ­මක් හා නිව­සක් නොමැති පවුල් 43කට අප මේ ගම්මාන දෙකෙන් නොමිලේ ඉඩම් ලබා දී නිවාස ඉදි­කර ගැනීම සඳහා ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රිය මගින් ඉතා සුළු පොළී ණය මුදල්ද ලබා දුන්නා. ඔවුන් ඊට තම මුදල්ද එක්කර ප්‍රජා සහ­භා­ගිත්ව නිවාස සංව­ර්ධ­නය’ යටතේ අද ඉතා වටිනා නිවාස ඉදි­කර ගෙන තිබෙ­නවා. මේ උදා ගම්මාන දෙකේ කට­යුතු අංග සම්පූ­ර්ණව නිම කිරීම සඳහා රුපි­යල් ලක්ෂ 708 ක පමණ මුද­ලක් වැය කර තිබෙ­නවා. නිවාස 19කින් සම­න්විත වන “අරු­ණ­ළු­ගම” උදා ගම්මා­නය හා නිවාස 24කින් සම­න්විත වන “වරු­ණා­ගම” උදා ගම්මා­නය පිරි­සිදු පානීය නළ ජල විදු­ලිය ප්‍රවේශ මාර්ග හා විධි­මත් අභ්‍ය­න්තර මාර්ග පද්ධ­ති­යක් ඇතුළු සියලු යටි­තල පහ­සු­ක­ම්ව­ලින් සම­න්වි­තයි. නැති බැරි අය ඇති හැකි අය බවට පත් කිරීම අපගේ උදා ගම්මාන වැඩ­ස­ට­හනේ මූලික අර­මු­ණයි.


නව අදහස දක්වන්න